අධ්‍යාපනයට 6%ක් එකපාර ඉල්ලුවේ නෑ..

සිය ආණ්ඩුවේ පළමු අයවැයෙන්ම දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කරන බව කිසිදු තැනක සඳහන් නොකළ බවත් අධ්‍යාපනය වෙනුවෙන් 6% ක් ඉල්ලා කල සටනේදී පවා එක්වරම එය ඉල්ලා නොසිටි බවත් අග්‍රාමාත්‍ය හරිනි ප්‍රනාන්දු මෙනෙවිය පැවසුවාය.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියාය.

ආයතනය ශක්තිමත් කරමින් ප්‍රතිපත්ති නිවැරදි ලෙස සකසමින් එම ස්ථානයට යා යුතු බව තමන් දන්නා බව ඇය මෙහිදී කියා සිටියාය.

එමෙන්ම වසර ගණනාවකට පසුව අධ්‍යාපනයට වෙන් වූ වැඩිම මුදල මෙවර අයවැයෙන් වෙන්ව ඇති බවත් එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2% කට වැඩි ප්‍රමාණයක් බවත් අගමැති හරිණි ප්‍රනාන්දු මෙනවිය පැවසුවාය.

තවද වසරෙන් වසර අධ්‍යාපනයේ ගුණාත්මක බව තහවුරු කරමින් වැඩ කර පෙන්වන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී සඳහන් කළාය.

“රටේ ගුණාත්මක අධ්‍යාපනයක් ඇති කරන්න නම් අධ්‍යාපනය පිළිබඳ තීරණ ප්‍රතිපත්ති මත ගත යුතුයි.ප්‍රතිපත්ති හැදීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ.ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ශක්තිමත් ආයතනික ව්‍යුහයක් අවශ්‍යයි.මේ දෙකම කරන්න මුදල් වෙන් වෙලා තියෙන්න ඕන.අප රටේ ඉතිහාසය පුරාම මේ කාරණා තුන හරියට ඉටු නොවීම නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල ගැටලු ගණනාවක් මතුවී තිබෙනවා.මේ සියලු ගැටලු තිබියදීත් අපේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය ගුරුවරුන් විදුහල්පතිවරුන් මෙන්ම උසස් අධ්‍යාපන ආයතන වල අය නිලධාරීන් අධ්‍යාපනය වෙනුවෙන් කරන සේවය තුළින් අපට අදටත් අධ්‍යාපනයේ ගුණාත්මක බව ජාත්‍යන්තර මට්ටමින් රැකගෙන යන්නට හැකි වී තිබෙනවා.

2025 වසරේ අප කරන ලද ප්‍රධානම උත්සාහය වන්නේ අධ්‍යාපනයේ තීන්දු තීරණ ගැනීම ප්‍රතිපත්ති අනුව සිදු කිරීමයි යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *