ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කරමින් පිහිටවූ නව සමාගම් 06 අද (09) සිට බලාත්මක වනවා.
ඒ එම මණ්ඩලය ප්‍රතිව්‍යහුගතකරණය ක්‍රියාවලිය යටතේ මෙතෙක් කල් පැවැතුණු ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (08) මැදියම් රැයෙන් අවසන් විමත් සමගයි.
ඒ අනුව 1969 අංක 17 දරන ලංකා විදුලිබල මණ්ඩල පනත අවලංගු වූ අතර ලංකා විදුලිබල මණ්ඩලය ආයතිනක ඒකකයක් ලෙස නීත්‍යානුකූලවම මේ සමග අහෝසි වුණා.
විදුලිබල මණ්ඩලය අහෝසි වීමත් සමග විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් සඳහා අනුප්‍රාප්තික සමාගම් 6කට පැවරෙන අතර ඒ සඳහා වූ අති විශේෂ ගැසට් නිවේදනයද පසුගියදා නිකුත් කිරීමටද බලශක්ති අමාත්‍යවරයා පියවර ගනු ලැබුවා.
ඒ අනුව විදුලිබල මණ්ඩලයට අදාළ සියලු මෙහෙයුම් කටයුතු මින් ඉදිරියට මෙම සමාගම් 6 වෙත පැවරෙනු ලබනවා.
ලංකා විදුලි බල මණ්ඩලය අහෝසි කරමින් පිහිටුවනු ලැබූ සමාගම් 6 වනුයේ විදුලි ජනන ලංකා (පුද්ගලික) සමාගම, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සපයන්නන්ගේ (පුද්ගලික) සමාගම, ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම, විදුලි බෙදාහැරීම ලංකා (පුද්ගලික) සමාගම, සේවක අරමුදල (පුද්ගලික) සමාගම සහ එනර්ජි වෙන්චර්ස් ලංකා (පුද්ගලික) සමාගම යන සමාගම් වනවා.
මෙම සමාගම් 6 අතුරින් සමාගම් 3ක් සඳහා නව සාමාන්‍යාධිකාරිවරුන් පත් කිරීමට පියවර ගෙන තිබූ අතර ඒ අනුව ලංකා විදුලි උත්පාදන ලංකා පුද්ගලික සමාගම, ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සපයන්නන්ගේ පුද්ගලික සමාගම සහ විදුලි බෙදාහැරීමේ ලංකා පුද්ගලික සමාගම සඳහා නව සාමාන්‍යාධිකාරිවරුන් පත් කිරීමටද කටයුතු කර තිබුණා.
ඒ අනුව පිළිවෙළින් ඉංජිනේරු එන්. ජී. සාලිය පණ්ඩිතරත්න, ඉංජිනේරු එන්. එස්. වෙත්තසිංහ, ඉංජිනේරු කේ. එස්. අයි. කුමාර යන මහත්වරුන් පත් කිරීමටද පියවර ගෙන තිබෙනවා.



