පාකිස්තානයේ තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (08) උදෑසන දිවයිනෙන් පිටත්ව ගියා.
ශ්‍රී ලංකාව මෙහිදී පාකිස්තානය සමග එක්දින තරග 3කට එක්වීමට නියමිත අතර එම තරග මේ මස 11 වැනිදා ආරම්භ වනවා.
ඉන් අනතුරුව පාකිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩායම් සමග පන්දු වාර 20 තුන්කොන් තරගාවලියකට ද ශ්‍රී ලංකා පිල එක්වනු ඇති. එම තරගාවලිය මේ මස 17 වැනිදා ආරම්භ වනවා.



