පාස්කු ගැන හොයන්න රට ගිය නිලධාරියා කවුද?

මහජනතාවගෙන් සොරාගත් දේපළ යළි රජයට පවරා ගැනීමේ සහ මෙරට සිදුවූ බරපතළ ගණයේ අපරාධ සම්බන්ධ පරීක්ෂණ නිසි ලෙස අවසන් කිරීමේ වැඩපිළිවෙළට තම රජය පණ පොවා ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා. ඊයේ (01) නුවරඑළියේ පැවති ජාතික ජන බලවේගයේ මැයි දින රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. විශේෂයෙන්ම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ […]

“දැන් කමිටු අවශ්‍ය නෑ.. සජබ – එජාපය එකතුවෙලා හමාරයි”

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය මේ වන විටත් එක්වී අවසන් බැවින්, ඒ සඳහා තවදුරටත් කමිටු අවශ්‍ය නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (01) ප්‍රකාශ කළා. ඔහු මේ බව සඳහන් කළේ, සමගි ජන බලවේගය විසින් “පච මදිවට හොරු” යන තේමාව යටතේ සංවිධානය කළ කොළඹ, මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවති මැයි දින රැළිය අමතමින්. […]

දැරියක අපයෝජනයක් සම්බන්ධයෙන් අටමස්ථානාධිපති හිමියන්ගෙන් ප්‍රශ්ණ කරයි

 අනුරාධපුර පුදබිමේ ප්‍රධාන විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක ඇතුළු පිරිසක් විසින් බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලීසිය, එහි ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන අටමස්ථානාධිපති පල්ලේගම හේමරත්න හිමියන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. පොලිසිය පැවසුවේ විමර්ශනවලට අදාළව හිමියන්ගෙන් කරුණු විමසීම සිදු කළ බවත් අපරාධය සිදුවූ බව කියන ස්ථානයන්හි දැනටමත් විද්‍යාත්මක සහ ස්ථානීය පරීක්ෂණ පවත්වා […]

රට යන භික්ෂූන්ට යළිත් තද නීති

භික්ෂූන් වහන්සේලා විදේශගත වීමේදී සිය විහාරාධිපති හිමියන්, ප්‍රාදේශීය නායක හිමියන් සහ අදාළ නිකායේ මහ නායක හිමිවරුන්ගෙන් නිර්දේශ ලබාගත යුතු බවට පැවති නීතිය ඉදිරියේදී යළි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක පවසනවා. ඔහු කියා සිටියේ පසුගිය කාලයේ යම් යම් හේතූන් මත මෙම ක්‍රියාවලිය නතර වී තිබූ බවයි. […]