ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නවතම විස්සයි විස්ස (T20I) පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාවේ පැතුම් නිස්සංක එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් 4 වැනි ස්ථානය හිමිකර ගත්තා.
මෙය මෑත කාලීන ශ්‍රී ලාංකික පිතිකරුවෙකු වාර්තා කළ ඉහළම ශ්‍රේණිගත කිරීම වන අතර, ඔහු එංගලන්තයේ ජොස් බට්ලර් පසුකරමින් ප්‍රසාද ලකුණු 789ක් සමඟින් මෙම සුවිශේෂී ජයග්‍රහණය ලබා ගත්තා.
ඉන්දීය ක්‍රීඩක අභිෂේක් ශර්මා එහි පළමු ස්ථානයේ රැඳී සිටිනවා.
මෙම ස්ථානය සුවිශේෂී වන්නේ, ශ්‍රී ලාංකික පිතිකරුවකු වසර 15කට පසුව ICC විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල සිව්වැනි ස්ථානයට පත්වීම හේතුවෙනුයි.
මින් පෙර 2010 වසරේදී මහේල ජයවර්ධන සිව්වැනි ස්ථානයට හිමිකම් කියා තිබුණා.
ඊට පෙර 2009 වසරේදී තිලකරත්න දිල්ශාන්, සනත් ජයසූරිය සහ කුමාර් සංගක්කාර වැනි සුපිරි ක්‍රීඩකයින් පළමු ස්ථාන ත්‍රිත්වයේ රැඳී සිටියා.
මේ වන විට ක්‍රීඩා කරන ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු ලද ඉහළම ශ්‍රේණිගත කිරීම ද මෙය වනවා.



