රාජ්‍ය සේවකයින්ට අයවැයෙන් සහන රැසක්

රාජ්‍ය සේවකයින්ගේ සහ විශ්‍රාමිකයින්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් පිළිබඳව ඇති ගැටලුවලට විසඳුම් ලබාදීමට වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කරන බව ජනාධිපතිවරයා පැවසීය. 2016.01.01 දිනට හෝ ඉන් පසු රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලද සියලුම රාජ්‍ය නිලධාරීන් සඳහා නිකුත් කරනු ලබන පත්වීම් ලිපිවල, දායක විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ හිමිකම් පිළිබඳව සඳහන් කර ඇති නමුත් එවැනි සේවකයෙකු […]
2026 අයවැය හිඟය රු. බිලියන 1,757ක්

2026 වසර සඳහා වන රජයේ අයවැය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. රාජ්‍ය සේවක වැටුප් දෙවැනි අදියරේ වැඩිවීම ජනවාරි මස සිට ලබාදීමටත්, වතු සේවක දෛනික වැටුප රුපියල් 1750 දක්වා ඉහළ නැංවීමටත්, තීරුබදු ප්‍රතිපත්තියේ වෙනසක් සිදුකිරීමටත් මෙවර අයවැයෙන් යෝජිතය. මෙහිදී ජනාධිපතිවරයා කියාසිටියේ මෙරට ආර්ථිකය 2019 වසරේ පැවති තත්ත්වයට මේ වසර අගදී නැවත […]
රාජ්‍ය සේවයට 75,000ක්

වසර ගණනාවක සිට රාජ්‍ය සේවයට විධිමත් ආකාරයකින් පුරප්පාඩු සඳහා බඳවා නොගැනීමෙන් රාජ්‍ය සේවා යාන්ත්‍රණය මුළුමනින්ම පාහේ අඩපණ වී ඇතැයි ජනාධිපතිවරයා පවසයි. අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. මේ නිසාවෙන් අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද, රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම හා සේවක සංඛ්‍යාව කළමනාකරණය කිරීම සඳහා වන කමිටුව හරහා සිදුකළ විධිමත් අධ්‍යයනයකින් […]
අවදානමට ලක්වූ පවුල්වලට 2026 දී අලුත් නිවසක්

නිවාස ගැටලුවලට මුහුණ පා සිටින සියලු කණ්ඩායම් ආවරණය කරමින්, අලුත්ම ප්‍රවේශයකට අනුව නිවාස සංර්වධන වැඩසටහනක්, 2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, එම වැඩසටහන යටතේ, දැනට ඉදිවෙමින් පවතින නිවාස ඇතුළුව නව නිවාස 27,000ක වැඩ අවසන් කිරීමට අපේක්ෂා කරන බවය. “හිසට […]
දියවඩන නිලමේ ධූරයට යළිත් ප්‍රදීප් නිලංග දෑල

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරය යළිත් වරක් ප්‍රදීප් නිලංග දෑල මහතාට හිමිවී තිබේ. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා තෝරා පත් කරගැනීමේ ඡන්ද විමසීම අද(07) පස්වරුවේ මහනුවර බෞද්ධ මණ්ඩයේ දී පැවැත්විණි. එහිදී ප්‍රදීප් නිලංග දෑල මහතා ඡන්ද 195ක් ලබා ගනිමින් තුන්වන වරටත් වසර 10ක කාලයක් සඳහා දියවඩන නිලමේවරයා ලෙස තේරී පත්ව ඇත.
විදේශගත ශ්‍රී ලාංකිකයින්ට සහන පොලියට නිවාස ණය

විදේශගත ශ්‍රමිකයින් සඳහා සහන පොලියට නිවාස ණය යෝජනා ක්‍රමයක් මෙවර අයවැය මඟින් යෝජනා කර තිබේ. මෙරටට විදෙස් ප්‍රේෂණ හිමිවන ප්‍රධානතම මූලාශ්‍රය වන්නේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් වීම විශේෂත්වයකි. එම පිරිස විසින් අප රටේ සංර්වධනයට දක්වන දායකත්වය අගයමින් විදේශගත ශ්‍රමිකයින් සඳහා මෙම නිවාස ණය යෝජනා ක්‍රමය යෝජනා කර ඇත. එය පොලී ප්‍රතිපූර්ණ ක්‍රමවේදයට අනුව ශ්‍රී ලංකා විදේශ […]
කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීමට රු මිලියන 240ක්

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමෙන් දිවයින පුරා වෙසෙන කාන්තා ව්‍යවසායකයින් සවිබලගැන්වීමට 2026 අයවැයෙන් තුළින් යෝජනා වී තිබේ. ඒ අනුව ඔවුන් විසින් සිදුකරනු ලබන ස්වයං රැකියා, ගෘහස්ත කමාන්ත ආදිය නඟාසිටුවීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 240ක් වෙන් කර ඇත. මේ යටතේ කාන්තා ව්‍යවසායකයින් හට නව ව්‍යාපාර ආරම්භ කිරීමට, ස්වයංරැකියා කටයුතු ශක්තිමත් කර ගැනීමට, ආධාර ලබාදීමට කටයුතු කරන […]
අයවැයෙන් මහපොළ දීමනාවත් ඉහළට

2025 වසරේ සිට සිසුන් වෙනුවෙන් ලබාදුන් රු 6,000ක ලිපිද්‍රව්‍ය දීමනාව 2026 වසර තෙක් අඛණ්ඩව පවත්වාගෙන යෑමට රජය මෙවර අයවැයෙන් යෝජනා කර ඇත. මේ සඳහා අස්වැසුම වැඩසටහන තුළින් රු මිලියන 9,000ක් වෙන්කර තිබේ. මේ අතර අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධිත දරුවන් සඳහා වෛද්‍ය නිර්දේශ මත එක් දරුවෙකුට රු 5,000ක දීමනාවක් මාසිකව ලබාදීම සඳහා රු මිලියන 50ක් අයවැයෙන් […]
ආබාධිත ප්‍රජාවගේ දීමනා සඳහා රුපියල් මිලියන 19,000ක්

රට පුරා විසිරී සිටින මිලියන 1.6ක් පමණ වූ ආබාධිත ප්‍රජාව රටේ සමස්ත ජනගහනයෙන් 7%කි. එම ප්‍රජාවේ අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා අස්වැසුම වැඩසටහන තුළින් ආබාධිත පුද්ගලයින්ට 140,000ක්ට රු 10,000 දීමනාව වෙනුවෙන් රු මිලියන 19ක ප්‍රතිපාදන වෙන්කෙරේ. ආබාධිත සහිත ප්‍රජාව සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දුම්රිය ස්ථාන, බස්නැවතුම් පොළ, අධිකරණ, පොලිස් ස්ථාන වැනි පොදු ස්ථාන වෙත ප්‍රවේශ වීමේ […]
2026 සම්පූර්ණ අයවැය යෝජනාව

2026 වසර සඳහා රජයේ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (07) පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය. අද ඉදිරිපත් කෙරෙන්නේ ජාතික ජනබලවේග ආණ්ඩුවේ දෙවැනි අයවැය වන අතර, 2026 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434කි. එළැඹෙන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ ජනපතිවරයා යටතේ පවතින මුදල් අමාත්‍යාංශයට වන […]