අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

2026 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් සම්මත වුණි. එහිදී අයවැය ට පක්ෂව ඡන්ද 160ක් සහ විරුද්ධව ඡන්ද 42ක් හිමිවූ අතර 8 දෙනෙකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියේය. ඒ අනුව වැඩි ඡන්ද 118කින් අයවැය දෙවන වර කියවීම සම්මත වුණි. මෙහිදී විපක්ෂය නියෝජනය කරන මනෝ ගනේෂන්, රාධා ක්‍රිෂ්ණන්, පලනි දිගම්බරන් හා ජීවන් තොණ්ඩමන් යන මන්ත්‍රීවරු […]
කොන්ද තියෙන JVPකාරයෙක් නම් පෙන්වන්න ඉන්දියාවත් එක්ක ගහපු ගිවිසුම

කොන්ද පණ ඇති එක් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී කෙනෙකු සිටීනම් ඉන්දියාව සමඟ ආණ්ඩුව අත්සන් කරන ලද ගිවිසුමේ පිටපතක් හැකි නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. සමහරු බදු එකතු කරලා භාණ්ඩාගාරය පුරවනවා පෙන්නලා හොරා කෑවා.ඒක එක ක්‍රමයක්.ඔයාලා ඒක එදා විවේචනය කළා.දැන් […]
හරක් කටා හා කුඩු සළිඳු බේරාගන්න මැඩගස්කරයටත් ගිහින්

ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර හා අනුබලදීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා සිටින නීතිඥවරිය හරක් කටා හා කුඩු සළිඳු බේරාගැනීමට මැඩගස්කරයට පවා ගොස් ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ. ඇය එහිදී මැඩගස්කර පොලීසියේ නිලධාරීන්ට එරට මුදල් නෝට්ටු මලු දෙකක් පවා අල්ලස් ලෙස ලබාදී ඇති බව අනාවරණය වී ඇත. එම මුදල් මලු […]
දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය පාකිස්ථානයට

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (14) පැවැත්වෙනවා. ඒ අනුව, මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වූ අතර, ඔවුන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කථානායකවරයාගෙන් අනතුරු ඇඟවීමක්

කථානායක ජගත් වික්‍රමරත්න මහතා මන්ත්‍රීවරුන්ට සෙසු මන්ත්‍රීවරුන් ඉලක්ක කර ගනිමින් නුසුදුසු ප්‍රකාශ සහ චෝදනා කිරීමෙන් වළකින ලෙස අවවාද කර තිබේ. අද දින පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදී මන්ත්‍රීවරුන්ට නිවේදන ඉදිරිපත් කරමින් කථානායකවරයා මෙම ප්‍රකාශය කළේය. පාර්ලිමේන්තුව අමතමින් ඔහු තවදුරටත් පැවසුවේ මෑත අතීතයේ පාර්ලිමේන්තු කටයුතු අතරතුර එවැනි හැසිරීම් නිතර දක්නට ලැබුණු බවයි. මෙය සභාවට අගෞරවයක් බවත් කණගාටුදායක බවත් […]
දෙසැම්බර් 12 වෙනිදා ගුරුවරු වර්ජනයක ?

අධ්‍යාපන වෘත්තිකයන් රජය විසින් යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළ කර ඇති අතර, පාසල් වේලාවන් පස්වරු 2:00 දක්වා දීර්ඝ කිරීම ද ඊට ඇතුළත් වේ. ඊයේ (13) මාධ්‍ය අමතමින් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් නිවේදනය කළේ, මෙම ප්‍රතිසංස්කරණ ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා දෙසැම්බර් 12 වන දින බහු වෘත්තීය සමිති සහභාගීත්වයෙන් දිවයින පුරා වැඩ […]
මාලිමා මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියා ගැන අලුත්ම කතාව

මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත් විදුහල්පති සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය අද (14) නිවේදනයක් නිකුත් කර තිබේ. අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයෙකු හෙරොයින් කිලෝ එකකට අධික ප්‍රමාණයක් සමඟ පසුගිය (5) වන දින අත්අඩංගුවට ගෙන තිබුණි. එම විදුහල්පති සම්බන්ධයෙන් නිවේදනයේ දැක්වෙන්නේ, මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නිලධාරියා ‘විදුහල්පති’ ලෙස ඉස්මතු කර දැක්වුව ද […]
‘දිනාගත් බලය ජනතාව වෙනුවෙන්මයි’

බලය කිසිසේත්ම රටේ පොදු ජනතාව පීඩාවට පත් කරන මෙවලමක් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. හිස උදුම්මා ගත් මානසිකත්වය හෝ උද්ධච්ච බව බලය නිර්මාණය නොකරන බව කී ජනාධිපතිවරයා, බලය සැබැවින්ම මේ රටේ පොදු ජනතාව වෙනුවෙන් බව සියලු දෙනා තේරුම් ගත යුතු බව ද පැවසුවේය. කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ එළිමහන් රංග පීඨයේදී ඊයේ (13) […]
නව මැතිවරණ කොමසාරිස් ජනරාල් රසික පීරිස්

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන රසික පීරිස් මහතා නව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ලෙස අද (14) පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාරගනු ලැබීය. 1998 මාර්තු 2වනදා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පත්වීම් ලැබූ ඒ මහතා, එම වසරේම සැප්තැම්බර් 15වනදා මැතිවරණ දෙපාර්තමේන්තුවේ සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකු ලෙස සේවයට එක්ව තිබේ. එතැන් සිට සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකු, නියෝජ්‍ය මැතිවරණ […]
2026 අයවැය දෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීම අද

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට අයවැය විවාදය ආරම්භ වී තිබේ. අයවැය දෙවනවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද පස්වරවේ සිදුකිරීමට නියමිතව ඇත. අද පස්වරු 6ට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය. 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව පසුගිය 7 වනදා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා […]