නොපැවැත් වූ උ.පෙළ විෂයන් සඳහා කාලසටහන නිකුත් කෙරේ

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් 2025 අ.පො.ස (උ.පෙළ) විභාගයේ නොපැවැත්වූ විෂයන් සඳහා වූ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් අද (10) පස්වරුවේ නිකුත් කළේය. නොපැවැත්වූ විෂයන් 2026 ජනවාරි මස 12 වනදා සිට ජනවාරි 20 වන දින දක්වා පැවැත්වීමට මේ වනවිට කටයුතු සංවිධානය කර ඇත. ආපදාවට ලක්වූ පාසල් අයදුම්කරුවන් හට තම විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට නොහැකි නම්, තම […]
යෝෂිතගේ නඩුව කල්යයි
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබාසිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් මහත්මියට නඩු කටයුත්තකට පෙනී සිටිමට සුදුසු මානසික තත්ත්වයක පසුවනවා දැයි හෙට (11) දින කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා මාර්ගයෙන් පරීක්ෂා කිරීමට නියමිත බව නීතිපතිවරයා අද (10) කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේය. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි […]
හිටපු මහ බැංකු අධිපති ඇතුළු විත්තිකරුවන් නිදහස්
2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට බැඳුම්කරවල ශ්‍රී ලංකා රජයට අයත් රුපියල් කෝටි 184කට අධික මුදලක් ආයෝජනය කිරීම තුළින් රජයට පාඩු සිදු කළේ යැයි චෝදනා ලබා සිටී හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහි චෝදනා, දූෂණ විරෝධී පනතේ 67(3) වගන්තිය යටතේ අල්ලස් කොමිසම විසින් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව ඒ මහතා […]
අද සිට Google Maps අලුත් වෙයි
අද සිට, ගූගල් සිතියම් ප්‍රධාන මාර්ග (කිලෝමීටර් 12000) පිළිබඳ තොරතුරු විශේෂිත තත්ත්ව ඇඟවීම් 6ක් සමඟ යාවත්කාලීන කර තිබෙනවා. මෙය සංචාර වඩා හොඳින් සැලසුම් කිරීමට, කාලය ඉතිරි කර ගැනීමට සහ අනපේක්ෂිත රථවාහන තදබදය වළක්වා ගැනීමට විශාල උපකාරයක් වනු ඇති බවයි ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසන්නේ. අමාත්‍යවරයා මේ පිළිබඳව සිය x සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක්ද තබා තිබෙනවා. […]
ඔස්ට්‍රේලියාවේ 16ට අඩු අයට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරයි
ලෝකයේ ප්‍රථම වතාවට, වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කළ රට ලෙස ඔස්ට්‍රේලියාව ඊයේ (09) ඉතිහාසයට එක් වුණා. මෙම නීතිය ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි. ප්‍රධාන සමාජ මාධ්‍ය වේදිකාවන් වන TikTok, ඇල්ෆබෙට් සමාගමේ YouTube, සහ Meta සමාගමේ Instagram හා Facebook ඇතුළු තවත් බොහෝ සේවාවන් වෙත මෙලෙස අවුරුදු 16ට අඩු දරුවන්ට […]
“මහනුවර නගරයම ඉවත් කරන්න වෙයි..”

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) මඟින් නිසි නිර්දේශ ලබා දෙන තෙක් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය තීරණාත්මක ක්‍රියාමාර්ග ගැනීමට අපහසු බව කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මඟින් නිකුත් කරන ලද නිවේදනය අනුව ගත් කල මහනුවර ලංකාවේ වෙනත් […]
බෝගහපතනේ නායයෑමක්
මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මොරහෙල – මීගොල්ල ප්‍රදේශයේ තිබූ නායයෑම් ස්ථානයක් අද (10) අලුයම යළි සක්‍රීය වී තිබෙනවා. මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් නිර්මලා කුමුදුනි සඳහන් කළේ, මෙම නායයෑම හේතුවෙන් ජීවිත හෝ දේපළ හානි වාර්තා නොවන බවයි. මේ අතර, බදුල්ල – මහියංගනය මාර්ගයට, ස්ථාන කිහිපයකින් පස් කඳු කඩා වැටීම හේතුවෙන් ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර තිබෙනවා. […]
කොළඹට ගංවතුර එන හේතුව අගමැති කියයි
කොළඹ නගරය ජලයෙන් යටවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ පෞද්ගලික දේශපාලන අවශ්‍යතා මත අනවසර ඉදිකිරීම් සිදුකිරීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසන්නීය. කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය. “කොළඹ දිස්ත්‍රික්කය තුළ හරි සැලසුම් නැතුව එක එක දේශපාලන න්‍යාය පත්‍ර මත, අතිශ්‍යයින්ම පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර තුළ ගත්තු තීරණ නිසා තමයි […]
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. අඹේපුස්ස – අලව්ව අතර දුම්රිය ධාවනය සිදුවන්නේ තනි මාර්ගයේ බැවින් මෙම ප්‍රමාදය සිදුව ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බුජ්ජොමුව දුමිරිය ස්ථානය අසන්නයේ පිහිටි පැරණි බෝක්කුවක් කැඩීයාම හේතුවෙන් දුම්රිය ධාවනය අඹේපුස්ස දුම්රිය ස්ථානයට සීමා වී තිබුණි. කේසේ වෙතත් කැඩීගිය […]