පාසල් වේලාව දීර්ඝ නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තීරණයක්

2026 වර්ෂය තුළ පාසල් පවත්වන වේලාව දීර්ඝ නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත්කරමින් එම අමාත්‍යාංශය අද (1) රාත්‍රියේ මේ බව පැවසීය. රට තුළ උද්ගත වූ ආපදා තත්ත්වය සහ පළාත් කිහිපයක පාසල් පද්ධතියට සහ ප්‍රවාහන පද්ධතියට සිදුව ඇති අලාභ හානි සැලකිල්ලට ගනිමින්, පාසල් පද්ධතිය සහ ප්‍රවාහන පද්ධතිය යථා තත්ත්වයට පත් වන තුරු මෙය ක්‍රියාත්මක […]
“අපි අහිංසක මිනිස්සුන්ගේ ගෙවලුත් අයින් කරා.. ඉතින් මහින්දානන්ද කවුද ?”

නාවලපිටිය ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩමක හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ නමින් පවත්වාගෙන යන ‘මහින්දානන්ද පදනම් ගොඩනැගිල්ලට අදාල හිස් භූමියේ ගේට්ටු සහ බැමි මාසයක් ඇතුළත ඉවත් කරන ලෙස ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යය ප්‍රසන්න ගුණසේන ඊයේ (31) දුම්රිය බලධාරින්ට දැනුම් දුන්නා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරී ජයසිංහගේ ප්‍රධානත්වයෙන්, නාවලපිටිය සමෘද්ධි බැංකු ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු නාවලපිටිය පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය […]
කැසිනෝ ඔට්ටු අල්ලන අයට අලුත් නීතියක්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් කැසිනෝ ප්‍රවේශ ගාස්තු සහ ඔට්ටු ඇල්ලීමේ හා සූදු ක්‍රීඩා සම්බන්ධ බදු ඉහළ දැමීමට තීරණය කර ඇති අතර, සංශෝධිත ගාස්තු 2026 ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වේ. 2025 දෙසැම්බර් 31 වැනිදා නිකුත් කළ නිවේදනයකට අනුව, කැසිනෝ ප්‍රවේශ බද්ද එක් අයෙකුට අමෙරිකානු ඩොලර් 50 සිට ඩොලර් 100 දක්වා වැඩි කර ඇත. මෙරට කැසිනෝ […]
විදුලි ගාස්තු යළිත් 11%කින් ඉහළට?

මෙරට විදුලි පාරිභෝගිකයන් මත දැවැන්ත මූල්‍ය බරක් පටවමින් විදුලි ගාස්තු 11% ඉහළ නැංවීමට ලංකා විදුලිබල මණ්ඩලය සහ විෂයභාර අමාත්‍යවරයා සැළසුම් කර ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය අනාවරණය කරයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා සඳහන් කළේ, අදාළ ගාස්තු වැඩි කිරීම සඳහා වන යෝජනාව විෂයභාර අමාත්‍යවරයා විසින් කඩිනමින් ඉදිරිපත් […]
6 ශ්‍රේණිය අසභ්‍ය වෙබ් අඩවිය නිසා ප්‍රබලයෙක් ධූරයෙන් ඉවතට

6 වන ශ්‍රේණිය සඳහා සකස් කරන ලද මතභේදාත්මක ඉංග්‍රීසි භාෂා ඉගෙනුම් මොඩියුලය (English Module) සම්බන්ධයෙන් පවත්වනු ලබන පරීක්ෂණ නිම වන තෙක්, ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරිය විසින් කරන ලද දැනුම් දීමකට අනුව ඇය විසින් මෙම පියවර ගෙන තිබෙනවා. 6 වන ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ […]
ලාෆ්ස් ගෑස් මිල ඉහළට

ගෘහස්ත ලාෆ්ස් ගෑස් මිල අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. වැඩි කළ සහ නව ගෑස් මිල ගණන් පහතින්, * 12.5KG ගෑස් – රු.150 කින් (නව මිල රු.4,250) * 5KG ගෑස් – රු.65 කින් (නව මිල රු.1,710)
ලංවිම ඈවර කිරීම ගැන දැනුම්දීමක්

ලංකා විදුලිබල මණ්ඩලයේ වත්කම් නව සමාගම් 06ක් වෙත පැවරීමේ කටයුතු එළඹෙන පෙබරවාරි 01 වනදාට පෙර අවසන් කරන ලෙස බලශක්ති අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා. බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා වෙත ලිඛිතව අදාළ දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වනවා. ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල යටතේ එය ඉදිරියේදී සමාගම් 06ක් […]
“හැඟීම්වලට නොව බුද්ධියට ඉඩ දී අභියෝග ජය ගැනීමට අත්වැල් බැඳ ගනිමු..”

නව වසර මාතෘ භූමියට අභියෝගාත්මක වසරක් වනු නොඅනුමාන බවත්, එය මැනවින් හඳුනා ගෙන හැඟීම්වලට නොව බුද්ධියට අවකාශය සලසා දී කටයුතු කිරීමට අප සියලු දෙනා අදිටන් කර ගත යුතු බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. නව අවුරුදු සුබ පැතුම් පණිවිඩය නිකුත් කරමිනුයි ඔහු මේ බව සඳහන් කළේ. එම සුබ පැතුම් පණිවිඩය පහතින්, ”2026 නව වසර අපගේ […]
ලංගම ලාභ නම් බෝනස් පාඩු නම් දීමනා

ලාභ ලබන ලංගම ඩිපෝවල සේවකයින්ට බෝනස් සහ පාඩු ලබන ලංගම ඩිපෝවල සේවකයින්ට දිමනාවක් ලබා දෙන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා. මේ සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බවද ප්‍රවාහන නියොජ්‍ය අමාත්‍යවරයා පැවසුවා. නියෝජ්‍ය අමාත්‍යවරයා සහ මහනුවර දිස්ත්‍රික් පා.ම. තුෂාරි ජයසිංහ ඊයේ (31) පස්වරුවේ නාවලපිටිය ලංගම ඩිපෝවේ නිරික්ෂණ චාරික්වකට එක් වෙමින් මේ බව […]
“නව ජවයකින් සහ අපේක්ෂාවෙන් යුතුව 2026 වසර වෙත පියවර තබමු..”

උදාවූ 2026 නව වසර වෙත පා තබන්නේ අභියෝග ජය ගනිමින්, ව්‍යසනයෙන් බිඳුණු සිත් සුවපත් කරමින් සහ බිඳවැටුණු ජන ජීවිත යළි යථා තත්ත්වයට පත් කිරීමේ දැඩි කැපවීම පෙරදැරිව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. එමෙන්ම ගෙවුණු වසරේ මුහුණදුන් සියලු අභියෝගයන් ශක්තියක් බවට පත් කරගනිමින්, නව ජවයකින් සහ අපේක්ෂාවෙන් යුතුව 2026 වසර වෙත පියවර තැබීමට ඇරැයුම් කරන […]