විදුලි ගාස්තු ඉහළ දැමීමට ලංවිමෙන් යෝජනාවක්

මේ වසර සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව වසරේ පළමු කාර්තුවේ දී 11.57%ක විදුලි ගාස්තු වැඩිකිරීමක් අවශ්‍ය බව එහිදී ඔවුන් සඳහන් කර ඇත.
පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය පිළිබඳව දැනුම්දීමක්

025 අ.පො.ස. උසස් පෙළ විභාගයේ අත්හිටුවා තිබූ ඉතිරි කොටස ජනවාරි 12 වනදා නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි. ඒ අනුව, විභාගය සම්බන්ධයෙන් අදාළ සියලු සවිස්තරාත්මක කරුණු ඇතුළත් චක්‍රලේඛය අද (02) දිනයේ නිකුත් කිරීමට නියමිත බවත් අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම තීරණය අනුව, ජනවාරි 12 වනදා ආරම්භ වන උසස් පෙළ විභාගයේ ඉතිරි […]
කලකිරීමට පත් වූ කවාජා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

මතභේදාත්මක කරුණු රැසක් අනාවරණය කරමින් සිඩ්නිහිදී අනිද්දා (4) ආරම්භවන ‘අළු බඳුන’ තරගාවලියේ 5වන හා අවසන් තරගයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව උස්මාන් කවාජා පවසයි. සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඔහුගේ බිරිඳ, දියණියන් දෙදෙනා සහ දෙමාපියන් සහභාගී වූ හැඟීම්බර මිනිත්තු 50ක ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු සිය සමුගැනීම නිවේදනය නිකුත් කළේය. එහිදී ඔහු පවසා ඇත්තේ, සිය වෘත්තීය […]
සැකකරුවෙකු සොයන්න පොලීසිය මහජන සහාය පතයි

කොහුවල පොලිස් වසමේ බෝධියාවත්ත ප්‍රදේශයේදී 16 හැවිරිදි දැරියකට වෙඩි තබා තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු හඳුනාගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතනවා. 025 දෙසැම්බර් මස 30 වන දින යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 16 හැවිරිදි දැරියක් තුවාල ලැබූ අතර, අපරාධය සිදු කළ පුද්ගලයින්ගෙන් එක් අයෙකුගේ රුව පොලිස් චිත්‍ර ශිල්පියෙකු ලවා සිතුවම් […]
පාසල් පාවහන් බෙදාදීමේ සැලැස්මක්

බස්නාහිර සහ දකුණු පළාත්වල පාසල් සිසුන්ට පාවහන් බෙදාදීම සඳහා සකස් කර ඇති නියමු ව්‍යාපෘතියේ ගිවිසුම් අත්සන් කිරීමේ සාකච්ඡාවකට ඊයේ (01) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය එක්විය. මෙම ව්‍යාපෘතිය අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ කර්මාන්ත හා ව්‍යවසාය අමාත්‍යාංශයේ සාමූහිකත්වයෙන් සැලසුම් කර ඇති අතර එහිදී පැමිණ සිටි දේශීය පාසල් පාවහන් නිෂ්පාදකයින් සමඟ නිල වශයෙන් ගිවිසුම් අත්සන් කිරීමක් සිදුවුණි. එහිදී […]
ඊයේ මහ රෑ සිදුවූ කොරතොට වෙඩි තැබීමේ තොරතුරු එළියට

නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේ දී ඊයේ (1) රාත්‍රියේ තිදෙනෙකුට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු කිහිපයක් අනාවරණය කරගැනීමට පොලීසියට හැකිව තිබේ. නවගමුව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ, කුලී පදනම මත ලබාගත් නිවසක සිටි පුද්ගලයින් තිදෙනෙකුට බවය. යතුරුපැදියකින් හා ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයින් පිරිසක් විසින් මෙම වෙඩිතැබීම […]