කස්සප හිමි ඇතුළු පිරිස අධිකරණය වෙත රැගෙන එයි

ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ භික්ෂුන් වහන්සේ සිව්නම ඇතුළු සැකකරුවන් දසදෙනා මේ වන විට අධිකරණය වෙත රැගෙන විත් තිබේ. ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත්වරයා පසුගිය 19 වනදා නියෝග කළේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් දසදෙනා අද (28) දිනය දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටය.  ඒ සැකකරුවන්ට එරෙහිව […]

රනිල්ගේ ලන්ඩන් සවාරි නඩුව අද යළි කැඳවයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි පොදු දේපළ පනත යටතේ ගොනු කර ඇති නඩුව අද (28) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතය. මෙම නඩුව හිටපු ජනාධිපතිවරයා ජනාධිපති ධුරය දැරූ කාලයේදී ඔහුගේ බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදාන උත්සවයකට සහභාගි වීම සඳහා ලන්ඩනයට ගිය ගමනකදී රාජ්‍ය මුදල් අවභාවිතා කළ බවට එල්ල වූ චෝදනාවන් […]