ජගත් මනුවර්ණට වරෙන්තු

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණට සහ තවත් අයෙකුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත්කර තිබෙනවා. ඒ නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.

විගණකාධිපති පත්කිරීමේ අවසන් තීන්දුව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව හෙට (03) රැස්වීමට නියමිත අතර, එහිදී විගණකාධිපති ධුරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිර්දේශ කර ඇති නම පිළිබඳ අවසන් තීරණය ගැනීමට බලාපොරොත්තු වෙනවා. ප්‍රවාහන ඇමැති බිමල් රත්නායක මහතා මහනුවරදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, ජනාධිපතිවරයා මේ වන විට පස්දෙනකුගේ නම් ව්‍යවස්ථාදායක සභාව වෙත යොමු කර ඇති බවත්, හෙට එම සභාව […]

ධාතූ ප්‍රදර්ශනයේ රථ වාහන සැලැස්ම

ඉන්දියාවේ සිට එළැඹෙන 04වනදා වැඩම කරවනු ලබන සර්වඥ ධාතූන් වහන්සේ මහජනතාවට වන්දනාමාන කිරීම සඳහා 05වනදා උදෑසන 06.00 සිට 11වනදා පෙරවරු 07.00 දක්වා හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත. එම කාල සීමාව තුල ගංගාරාම විහාරස්ථානය අවට ප්‍රදේශයේ විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලබන බව පොලීසිය දැනුම් දෙයි. පැමිණෙන සියළුම මහජනතාව වෙත කිසිදු […]

වැලිගම ලොකු පුටුව මාලිමාවට

වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගය නියෝජනය කරමින් චින්තක හේවාපතිරණ මහතා තේරී පත්ව තිබේ. ඒ අද පැවැති ඡන්ද විමසීමේදීය. එහිදි ඒ මහතාට පක්ෂව ඡන්ද 22ක් සහ විපක්ෂව ඡන්ද 21ක් හිමිවිය. ඒ අනුව වැඩි ඡන්ද 1කින් එම ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජනබලවේගයට හිමිවිය. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසේකර මහතාව ඉකුත් […]

“දොස්තරලට මහ බැංකුවේ ඔක්කොම සල්ලි දුන්නත් මදි…”

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ගෙන තිබෙන වෘත්තිය ක්‍රියාමාර්ගවලට එරෙහිව තවමත් තම රජයක් මඟින් අවම බලය භාවිතා කර නොමැති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි මහතා පවසනවා. ඔහු පවසන්නේ, මහ බැංකුව සතුව පවතින සියළුම මුදල් ලබාදුන්නත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දේශපාලන වුවමනාවන් ඉටු නොවන බවයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පසුගියදා දීපව්‍යාප්තව සිදුකළ පැය 48ක […]

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස යළිත් රිමාන්ඩ්

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිව්දෙනෙකු සහ තවත් හය දෙනෙකු පෙබරවාරි 9 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ භික්ෂුන් වහන්සේලා සිව්නම ඇතුළු සැකකරුන් අද (02) අධිකරණයට රැගෙන විත් තිබුණි. ඒ […]

අද සිට GMOA සටන් මංචයට

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය අද (02) උදෑසන සිට තීව්‍ර කරන බව එම සංගමය පවසනවා. ඒ අනුව එම සංගමය සඳහන් කළේ, අද උදෑසන 8.00 සිට මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීමට පියවර ගන්නා බවයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ අද සිට ආරම්භ කරන අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ග තුළදී රෝහල තුළ නොමැති ඖෂධ සහ උපකරණ […]