තිස්සකුට්ටි නිසා හිමිනමක් පක්ෂය අත්හරී

ගලෙන්බිඳුණුවැව ප්රාදේශී සභා මන්ත්රීවරයෙකු ලෙස කටයුතු කළ පූජ්ය අනුරාධපුර සෝමරතන හිමියෝ එම පක්ෂයෙන් ඉල්ලා අස්වී තිබේ. එලෙස උන්වහන්සේ අස්වී ඇත්තේ,ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්රික් නායක තිස්සකුට්ටි ආරච්චි මහතාගේ ක්රියාකලාපය හේතුවෙන් බව සඳහන් වේ. ඒ අනුව උන් වහන්සේට සර්වජන බලය පක්ෂයේ මිහින්තලය ආසන සංවිධායක ධුරය ලැබී ඇති වවට වාර්තා වේ. තිස්සකුට්ටි ආරච්චි මහතා අනුරාධපුර ජනතාව […]
මෙරට තුළ පවුල් සංස්ථාව බිඳ වැටෙමින් පවතින බව කාදිනල් හිමි කියයි

මෙරට තුළ පවුල් සංස්ථාව බිඳ වැටෙමින් පවතින බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. කළුතර 117වන ලූර්දු මාතා දේවස්ථානයේ වාර්ශික මංගල්යට එක්වෙමින් කාදිනල් හිමියන් මේ බව පැවසීය. එහිදී අදහස් දක්වමින් කාදිනල් හිමියන් සඳහන් කර සිටියේ අද වන විට පවුල් ජීවිතය කඩාකප්පල් වීමේ ක්රමවේදයක් දක්නට ලැබෙන බවත් එය භයානක ලෙස මෙරට තුළත් පැතිරීගෙන යන බවය. එමෙන්ම […]
“රට නව පුනරුද යුගයක් කරා මෙහෙයවනවා..”

දිට්වා සුළි කුණාටුවෙන් ඇතිවූ ව්යවසනයට මුහුණ දීමෙන් පසු තිර අදිටනින් සහ සැලසුම් සහගතව නැගී සිටිමින් දේශපාලන, ආර්ථික සහ සමාජයීය නව පරිවර්තනයක් සමග නව පුනරුද යුගයක් කරා මේ වන විට රට ගමන් කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ශිව රාත්රි දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ. එමෙන්ම ජනාධිපතිවරයා […]
ලොවක් බලා සිටින ඉන්දු – පාකිස්තාන ලෝක කුසලාන ගැටුම අද

මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේදී ලොව කාගේත් අවධානය දිනා ගත් ඉන්දු – පාකිස්තාන ක්රිකට් තරගය සැලසුම් කළ පරිදිම අද (15) පැවැත්වේ. ඒ අනුව මෙම අවසන් තරගය කොළඹ ආර්. ප්රේමදාස ක්රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය. රාත්රී තරගයක් ලෙස පැවැත්වෙන මෙය, මෙරට වෙලාවෙන් ප.ව. 7.00ට ආරම්භ වීමට නියමිතව ඇත. එය, තරගාවලියේ ‘A’ කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත් වීමට […]
අකුරේගොඩ වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය බද්දේගමදී ගිනි තියලා

තලංගම අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය ගාල්ල අගලිය, කුට්ටියාවත්ත අතුරු මාර්ගයක තිබියදී සොයා ගැනීමට නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබේ. එම කාර්යාංශය පැවසුවේ මෝටර් රථය සොයා ගන්නා අවස්ථාවේදීත් එය ගිනි ගනිමින් තිබුණු බවය. නීතිඥ බුද්ධික මල්ලවආරච්චි මහතා සහ ඔහුගේ බිරිඳ ඝාතනයට පැමිණි බව කියන මෙම […]