අකුරේගොඩ ඝාතනයේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥයින් 50ක්

තලංගම, අකුරේගොඩදී නීතීඥයකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සොහොයුරන් දෙදෙනා අද (18) නැවත වතාවක් කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා හමුවට ඉදිරිපත් කළේය. එහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥයින් 50කට ආසන්න සංඛ්‍යාවක් පෙනී සිටි අතර, අද දිනයේදීත් සැකකරුවන් වෙනුවෙන් කිසිදු නීතීඥවරයෙකු පෙනී නොසිටීම විශේෂත්වයක්. අනතුරුව තමන්ට අධිකරණය වෙත කිසිවක් පැවසීමට අවශ්‍ය […]
“මහින්ද ගෝඨා බැසිල් මැයි 17 ප්‍රභාට යටත් වෙන්න සැලසුම් කළා..”

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට 2008 වසරේ සිට යුද්ධය කඩාකප්පල් කිරීමට අවශ්‍යතාවයක් තිබු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. 2008 ජනවාරි මස මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ විසින් වව්නියා ප්‍රදේශයේ සිට මුලතිව් ප්‍රදේශය දක්වා සෘජු රේඛාවක් ඇඳ, එම රේඛාව දිගේ යමින් මුලතිව් ප්‍රදේශයට ගොස් ප්‍රහාර එල්ල කළහොත් යුද්ධය නිමා […]
හඳුන්නෙත්තිගේ සීනි සමාගමේ සභාපතිනිය ඉල්ලා අස්වෙලා

වත්මන් රජය විසින් ලංකා සීනි පුද්ගලික සමාගම වෙත පත් කළ දෙවන සභාපතිනිය වූ නීතිඥ සඳමාලි චන්ද්‍රසේකර, එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. මෙයට පෙර, ලංකා සීනි සමාගමේ සභාපතිවරයා ලෙස රුක්ෂාන් ගුණතිලක කටයුතු කළ අතර, ඔහුද කෙටි කලකට පෙර වත්මන් ආණ්ඩුව විසින් පත් කළ මෙම ධූරයෙන් ඉල්ලා අස්වූ බව වාර්තා වේ. නීතිඥ සඳමාලි චන්ද්‍රසේකර මෙම තත්ත්වය විෂය […]
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට කැඳවීමක්

රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ මේ මස 20 වනදා පෙනීසිටින ලෙස මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට දැනුම් දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (18) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප

2023 වසරේ එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ සිදුකළ පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් මුදල් අනුමත කිරීම තුළින් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. ඒ අනුව සැකකරු රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීරය ඇප දෙකක් […]
චන්ද්‍රිකා බණ්ඩාරනායක රක්ෂිත බන්ධනාගාරයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ සුවදුක් විමසීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊයේ දින මැගසින් බන්ධනාගාරය වෙත පැමිණ තිබුණා. එම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඇය සඳහන් කළේ, තමන් සාමාන්‍යයෙන් බන්ධනාගාර වෙත නොපැමිණෙන නමුත්, වර්තමානයේ සිදුවන ඇතැම් ක්‍රියාවලියන් කෙරෙහි පවතින විරෝධය ප්‍රකාශ කිරීම සඳහා මෙසේ පැමිණි බවයි. එමෙන්ම ඇය […]
“මම කාන්තාවෝ 45,000ක් ආශ්‍රය කරනවා..”

තමා කාන්තාවන් 45,000ක් ආශ්‍රය කරන බවත්, එම 45,000 දෙනා සමඟ තමා ගත් එක් ජායාරූපයක් හෝ පෙන්වන ලෙසත් තමා ඉල්ලීම් කරන බවත් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. එමෙන්ම, වර්තමානය වන විට සමාජ මාධ්ය හරහා භික්ෂූන් වහන්සේලාට අපහාස කරන බවත්, එවැනි අපහාස කරන පිරිස භික්ෂූන් වහන්සේලාට මෙතරම් බිය වී සිටින්නේ ඇයි දැයි උන්වහන්සේ ප්‍රශ්න කර සිටියා. මෙම […]
හදිසි ජල කප්පාදුවක් ?

අඹතලේ සිට දෙහිවල දක්වා ජලය සපයන ප්‍රධාන ජල සැපයුම් මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා තිබේ. ඒ අනුව මොරටුව, රාවතාවත්ත, සොයිසා පුර, රත්මලාන, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත, පාමංකඩ, මුල්ලේරියාව, කොළොන්නාව යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව බලපැවැත්වේ. එමෙන්ම අඩුපීඩන තත්ත්වයක් යටතේ බත්තරමුල්ලට ජල සැපයුම ලබාදේ. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරනු ලබන්නේ […]
නීතිඥවරයෙකු ඝාතනය කිරීම වෘත්තීයවේදීන්ගේ ආරක්ෂාව ගැන ප්‍රශ්නාර්ථයක්

නීතිඥයකු හා ඔහුගේ බිරිඳ වෙඩි තබා සාහසික ලෙස ඝාතනය කිරීමේ සිදුවීම තුළ පුරවැසියන්ගේ සහ වෘත්තීයවේදින්ගේ ආරක්ෂාව පිළිබඳ නැවත බරපතළ ප්‍රශ්නාර්ථයක් මතුකර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ, රාජ්‍ය තුළ පුරවැසියාගේ සහ වෘත්තීකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ඕනෑම රජයක ප්‍රමුඛතම වගකීම බවය. ඕනෑම වෘත්තීයවේදියෙකු හට බලපෑම් හෝ තර්ජනවලින් තොරව […]
කන්ටේනර් සිද්ධිය ගැන විමර්ශනය කරන කමිටුවට ඇමති උපාලි පන්නිලගේ

නිසි පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පත්කර තිබේ. ස්ථාවර නියෝග 106 විධිවිධාන ප්‍රකාරව මෙම පත්කිරීම සිදුකළ බව අද (18) කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දෙනු ලැබීය. කොළඹ වරායේ සිට බහාලුම් 323ක් අනිවාර්යෙන් භෞතික පරීක්ෂණයට භාජනය නොකර නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයාබලා […]