ගෑස් හිඟය ගැන ලිට්රෝ සමාගමෙන් නිවේදනයක්

අනාගතයේදී කිසිදු ගෑස් හිඟයක් ඇති නොවන බවත් ප්රමාණවත් පරිදි තොග පවතින බවත් ලිට්රෝ සමාගම පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම ඉල්ලා සිටියේ, ඒ හේතුවෙන් අනවශ්ය කලබලයක් ඇති නොකරගන්නා ලෙසටය. ලිට්රෝ ගෑස් සඳහා වෙළඳපොළ ඉල්ලුමේ අනපේක්ෂිත වැඩිවීම හේතුවෙන් ගෑස් සැපයුමට යම් බාධාවක් ඇති වූ බව ඔවුන් පෙන්වා දෙයි. පෙබරවාරි 17 සහ 18 යන දිනවල දැනටමත් ගෘහස්ථ […]
ඇමති වසන්තට එරෙහි පරීක්ෂණ ප්රමාද ඇයි?

2022 අරගලය පැවති සමයේදී ජනාධිපති කාර්යාලයට අයුතු ඇතුල්වීමක් සිදු කළැයි බව කියන වත්මන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතාට එරෙහි පරීක්ෂණ ප්රමාද වී ඇත්තේ මන්දැයි කොටුව මහේස්ත්රාත්වරයා පොලිසියෙන් ප්රශ්න කර සිටියා. ඒ අනුව, අමාත්ය වසන්ත සමරසිංහ ඇතුළු 49කට එරෙහිව එම විමර්ශන වසර 4ක් පුරාවට ප්රමාද වීමට හේතුව කුමක් දැයි කොටුව […]
ජනපති අනුර සහ ඉන්දීය අගමැති අතර විශේෂ හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදී අතර විශේෂ හමුවක් සිදුව ඇත. මෙම හමුව සිදුව ඇත්තේ ඊයේ (18) රාත්රී නවදීල්ලි නුවර භාරත් මණ්ඩපම්හිදී ය. “AI Impact Summit 2026” සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවට ගොස් සිටින අවස්ථාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්රාමාත්යවරයා අතර මෙම හමුව සිදුව තිබේ. ජනාධිපති මාධ්ය අංශය […]
නාමල් රාජපක්ෂ මහාධිකරණයට

කොළඹ මහාධිකරණය විසින් ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ලබන අප්රේල් මස 02 වනදා කැඳවන මෙන් නියෝග කර ඇත. අද (19) දින මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඉන් අනතුරුව අදාළ නඩුව […]
“මන්ත්රී වැටුප් ජවිපෙ අරමුදලට යෑම රටට රහසක් නෙවෙයි..”

පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකුට මේ වනවිට ගෙවන වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් අද (19) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් විය. අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙම හෙළිකිරීම සිදුකළේ, සමගි ජන බලවේගයේ මන්ත්රී චමින්ද විජේසිරි මහතා අසන ප්රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. ඒ අනුව මන්ත්රීවරයෙක්ට මාසිකව රුපියල් 54,285ක දීමනාවක් ගෙවනු ලබයි. මාසික සංග්රහ දීමනාව ලෙස ගෙවනු ලබන්නේ රුපියල් 1,000 මුදලකි. මාසික රියදුරු දීමනාව ලෙස […]