පාර්ලිමේන්තුවේදී ගල් අඟුරු ටෙන්ඩර් ගැන හෙළි වූයේ මොනවා ද?

වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව ගෙන්වන ලද ගල් අඟුරු ප්‍රමිතියෙන් තොර බව මෙන් ම ඒ හරහා වංචාවක් සිදුව ඇති බැවින් ඊට වගකිව යුතු සියලු දෙනා සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස විපක්ෂ මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළේ ය. නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු බලාගාරය සඳහා ගල් අඟුරු මිල දී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව විගණකාධිපති නිර්දේශ මත පාර්ලිමේන්තුවේ, […]
පසුගිය රජයේ ආර්ථික ජයග්‍රහණ IMF ප්‍රධානියාට මතක් කර දීපු හර්ෂ

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මියගේ මෑත ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්, පෙර රජය යටතේ ලබාගත් ප්‍රධාන ආර්ථික ජයග්‍රහණ පිළිගැනීමට ඉල්ලා සිටියේය. ජෝර්ජිවා මහත්මිය මෑත සම්මුඛ සාකච්ඡාවකදී IMF වැඩසටහන යටතේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාමටත්, අඛණ්ඩ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමටත් වත්මන් ශ්‍රී ලංකා රජය දක්වන කැපවීම අගය […]
“ලාෆ් වෙනුවට ලිට්රෝ ගන්න..”

දිවයිනේ ප්‍රධාන නගර රැසක ලිට්‍රෝ (Litro) හා ලාෆ්ස් (LAUGFS) ගෑස් සිලින්ඩර්වල තාවකාලික හිඟයක් නිර්මාණය වී ඇති බවත්, එයින් පාරිභෝගිකයන් දුෂ්කරතාවයට පත්ව සිටින බවත් වාර්තා වෙනවා. ඇතැම් ප්‍රදේශවල දින කිහිපයක සිට ගෑස් සැපයුම අඩාල වී ඇති අතර, ගෑස් අලෙවිසැල් අසල දිගු පෝලිම් ඇතිවී තිබෙනවා. පාරිභෝගිකයන්ගේ චෝදනා අනුව වෙළඳපොළට නිකුත් වන ගෑස් ප්‍රමාණය අඩු මට්ටමක පවතින අතර, […]
බ්‍රිතාන්‍යයේදී බිරිඳ මැරූ ලාංකිකයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිදුවීමට වරද පිළිගත් ශ්‍රී ලාංකිකයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් පැනවීමට එක්සත් රාජධානියේ අධිකරණයක් ඊයේ (20) තීරණය කර තිබේ. මෙසේ සිරදඬුවම් පනවා ඇත්තේ තිසර වේරගලගේ නම් ඇත්තේ 37 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙක්ටය. ඝාතනය වූ කාන්තාව වෙනත් අයෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කිරීමේ සිදුවීමක් මුල්කරගනිමින් පසුගිය වසරේ අගෝස්තු 21 වනදා කාඩිෆ් හි රථගාලකදී ඔහු […]
T20 ලෝක කුසලානයේ සුපිරි 8 වටයේ තරග අද සිට

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග ආරම්භ කරමින් පළමු තරගය පාකිස්තානය හා නවසීලන්තය අතර අද (21) පැවැත්වේ. රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ප.ව. 7ට ආරම්භවීමට නියමිතය. මූලික වටයේ ‘A’ කාණ්ඩයෙන් ක්‍රීඩාකළ පාකිස්තානය ඉන්දියාවට පමණක් පරාජය වී එහි ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත්විය. එමෙන්ම මූලික වටයේ […]
ට්‍රම්ප්ගෙන් සියයට 10ක නව ගෝලීය බද්දක්

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කරන ලද බදු වෙනුවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියයට 10ක නව ගෝලීය තීරු බද්දක් පනවා තිබෙනවා. ඔහු එම අධිකරණ තීන්දුව “අතිශය නරක” එකක් ලෙස හැඳින්වූ අතර, සිය වෙළෙඳ ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කළ විනිසුරුවරුන් “මෝඩයන්” ලෙස හඳුන්වමින් දැඩි ලෙස විවේචනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. විනිසුරුවරුන් විසින් පසුගිය වසරේ දී ධවල මන්දිරය […]