ශ්රී ලංකාව සහ මැදපෙරදිග අතර සියලු ගුවන් ගමන් අත්හිටුවයි

මැදපෙරදිග කලාපයේ සියලුම රටවල ගුවන් අවකාශයන් වසා දමා තිබීම හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළේ සිට මැදපෙරදිග බලා පිටත්ව යාමට නියමිත ගුවන් ගමන් සියල්ල අද (01) පස්වරු 05.00 දක්වා තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. කටුනායක ගුවන් තොටුපොළ කාර්ය බාර නිලධාරීවරයා පැවසුවේ, අද උදෑසන 06.15 වනවිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත ගුවන් ගමන් 18ක් සහ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව […]
මැද පෙරදිග යුධ උණුසුමට නාමල් හවුල්වෙයි

ඊශ්රායලය හා ඉරානය අතර මතුව ඇති යුධමය තත්ත්වය හේතුවෙන් සිය “X” ගිණුමෙහි සටහන් තබමින් ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පවසා ඇත්තේ සියලු ආකාරයේ ප්රචණ්ඩත්වය හෙළා දකින බව හා ශ්රී ලංකාවට යුද්ධයක භයානක බව හොඳින්ම දන්නවා.දශක ගණනාවක යුද්ධය අපට ජීවිත, සහ ආර්ථිකයට කෙතරම් ගැඹුරින් බලපෑවාද යන්න ඉගැන්වු බවයි. මෙහිදී වැඩිදුරටත් […]
කලබලවෙලා තෙල් ගහන අයට විශේෂ දැනුම්දීමක්

අප්රේල් සහ මැයි මාසය දක්වා ඇණවුම් කර ඇති ඉන්ධන තොග ලැබීමේ ප්රමාදයක් ඇති නොවනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා අද (01) පැවැති මාධ්ය සාකච්ඡාවකට එක්වෙමින් ප්රකාශ කළේ, අදාළ ඉන්ධන ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ලැබීමට නියමිත බවය. ඒ හේතුවෙන් මැදපෙරදිග ඇතිව තිබෙන ගැටුම්කාරි තත්ත්වය මෙරට ඉන්ධන සැපයුමට බාධාවක් නොවනු […]
අයතුල්ලා අලි කමේනි ගැන ඔබ නොදත් දේ

දශක තුනකට අධික කාලයක් පාලනය කළ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි එක්සත් ජනපදය සහ ඊශ්රායලය එක්ව සිදුකළ ප්රහාරවලින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි මේ වන විට ඉරානය විසින් පිළිගෙන තිබේ. ඒ එරට රාජ්ය මාධ්ය විසින් මේ බව අනාවරණය කිරීමත් සමගය. කමේනිට අමතරව මෙම ප්රහාර හේතුවෙන් ඉරාන උත්තරීතර නායකයාගේ දියණිය, මුනුපුරා සහ බෑණාද ඝාතනයට ලක්ව ඇති බවද මේ […]
ඉරානයේ පාලන බලය තාවකාලික මණ්ඩලයකට

ඉරානයේ ජනාධිපතිවරයා, අධිකරණ ප්රධානියා සහ ගාඩියන් කවුන්සිලයේ නීතිවේදීන්ගෙන් එක් අයෙකුගෙන් සමන්විත ත්රිපුද්ගල මණ්ඩලයක් රටේ සියලුම නායකත්ව රාජකාරි තාවකාලිකව භාර ගෙන ඇති බව ඉරාන නිල IRNA ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා. රට තුළ පවතින උග්ර යුධමය තත්ත්වය සහ ආරක්ෂක අර්බුදය හමුවේ පාලන තන්ත්රය අස්ථාවර වීම වැළැක්වීම මෙහි අරමුණයි. මෙම මණ්ඩලයට, වත්මන් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian): […]
අයතුල්ලා අලි කමේනි ඝාතනය වූ බවට ඉරානය පිළිගනියි

අයතුල්ලා අලි කමේනි ඝාතනය කර ඇති බව ඉරාන රාජ්ය මාධ්ය පළමු වරට අනාවරණය කර තිබේ. එමෙන්ම මෙම ප්රහාරයෙන් ඉරාන උත්තරීතර නායකයාගේ දියණිය, බෑණා, මුනුපුරාද ජීවිතක්ෂයට පත්වූ බව ඉරාන මාධ්ය වාර්තා කර තිබේ. ඉරාන ෆාර්ස් ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත්තේ ඊයේ දිනයේදී ඔහුට පවරා ඇති රාජකාරි ඉටු කරමින් සිටියදී කමේනි ඔහුගේ කාර්යාලයේදී ඝාතනයට ලක්වූ බවය. මේ […]