“මේ අවුරුදු කාලේ කොහා කෑ ගහන්නේ ‘ගල් අඟුරු කුමාර… ගල් අඟුරු කුමාර…’ කියලා..”

“සුබ නැකතට රට අනුරට” යැයි පවසමින් මහත් බලාපොරොත්තු සහිතව වත්මන් ආණ්ඩුව පත්කර ගත් ජනතාව අද වන විට කබළෙන් ළිපට වැටී, සිය කනකර බඩු පවා උකස් කර අතිශය දුෂ්කර ලෙස අලුත් අවුරුදු සැමරීමට සූදානම් වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසයි. ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, සාමාන්‍ය ජනතාවට […]

ධම්මිකලාගේ සමාගමට ටෙන්ඩරය දෙන්න බලපෑම් කළාද?

සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා ඇතුළු එම පක්ෂයේ කිහිප දෙනෙකු ඊයේ (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. එම පැමිණිල්ල සිදු කර ඇත්තේ මේ වන විට ආන්දෝලනයට ලක්ව ඇති ට්‍රයිඩන්ට් කෙම්ෆර් සමාගමට නිකුත් කළ දිගුකාලීන ගල් අගුරු ටෙන්ඩරය නොව, එය අසාර්ථක වීමෙන් පසු ඉදිරිපත් කල දෙවැනි කෙටිකාලීන ගල් අගුරු ටෙන්ඩරයේදී වංචාවක් සිදුව ඇති […]

අග්‍රාමාත්‍යවරියගේ අලුත් අවුරුදු සුබ පැතුම

අලුත් අවුරුද්ද යනු හුදෙක් උත්සවයක් පමණක් නොව, එය අපේ සංස්කෘතික හර පද්ධතීන් තුළ පවතින සෞභාග්‍යය, සමගිය, සහජීවනය සහ අන්‍යෝන්‍ය සබඳතාවල නව පුනරුදයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. අලුත් අවුරුද්දේ සැබෑ ආශිර්වාදය වන්නේ සිත් තුළ පවතින වාදභේද සහ අමනාපකම් දුරු කොට, සහෝදරත්වයෙන් සහ සුහදත්වයෙන් යුතුව අලුත් ආරම්භයක් ලබා ගැනීම වන බවත් විශේෂයෙන්ම වර්තමාන ගෝලීය අර්බුද […]

“අලුත් අවුරුද්ද භෞතික හා ආධ්‍යාත්මික අලුත්වීමේ සංකේතයක්”

සාමුහිකත්වය සහ බෙදාහදාගැනීම ආදී ගුණාංගවලින් තවදුරටත් අප ජීවිත අර්ථවත්කර ගැනීමට සියලු දෙනා කැප විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.  ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, සිංහල හා දෙමළ අලුත් අවුරුදු සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමිනි.  උපුටාගැනීම… භෞතිකව සහ ආධ්‍යාත්මිකව අලුත් වීමේ අපේක්ෂාව සංකේතවත් කරන, සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද මෙරට ජනතාවගේ ප්‍රධානතම සංස්කෘතික උත්සවයයි. […]

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදාවෙයි

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද (14) පූර්ව භාග 09.32ට උදාවිය. ආහාර පිසීමේ නැකත පූර්වභාග 10.51ට යෙදී ඇති අතර රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා කිරි බතක්ද කැවිලි වර්ගයක්ද දී කිරි සහ විළඳ ද පිළියෙළ කර ගතයුතු බව නැකත් සීට්ටුවේ දැක්වේ. වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ […]