‘චීන අපරාධකරුවෝ’ පිරිසක් කටුනායකදී මාට්ටු

පරිගණක මූල්‍ය අපරාධ සිදු කිරීමේ අරමුණින් මෙරටට පැමිණි බව කියන චීන ජාතිකයන් 09 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අද (16) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන්තොටුපළ අප වාර්තාකරු සඳහන් කළේ, රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂ විසි දහසක් වටිනා විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් ද ඔවුන් සතුව තිබී සොයාගත් බවයි. මෙම චීන ජාතිකයන් පිරිස අද අලුයම 12.25ට චීනයේ කුංමිං නුවර […]
ලංකා ගල්අඟුරු සමාගමේ ප්‍රධාන කාර්යාලය දිගටම ‘සීල් පිට’

ලංකා ගල්අඟුරු සමාගමේ ප්‍රධාන කාර්යාලයට තවදුරටත් මුද්‍රා තබා ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දෛනිකව සිදුකළ යුතු අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් අවසර දී ඇති බවයි. එම කටයුතු සිදු වන්නේ ද, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණයෙනි. ලංකා ගල්අඟුරු සමාගමේ කොහුවල පිහිටි ප්‍රධාන කාර්යාලයට මුද්‍රා තැබුවේ, පසුගිය 11 වැනිදාය. 2009 සිට ගල්අඟුරු ආනයනය සම්බන්ධයෙන් […]
ඇමලි ලාල්ගේ වත්කම් ප‍්‍රකාශනයේ කෝටි හතක දේපල

තමන් ඉතා අසීරු ආර්ථික ජීවිතයක් ගත කරන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ 2025 වසරට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශය යැයි කියනු ලබන ලේඛනයක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල දැඩි කතාබහට ලක්වෙමින් පවතී. ප්‍රවීණ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතා විසින් සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා ප්‍රසිද්ධ කර ඇති මෙම ලේඛනයට අනුව, මින් පෙර ඇමතිවරයා […]
දුම්රිය සහ පෞද්ගලික බස් ධාවනය අද සිට ඉහළට

දිවයින පුරා බස් රථ ධාවනය අද (16) සිට සියයට 50ත් 60ත් අතර අගයකින් ධාවනය කිරීමට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, හෙට (17) දිනය වන විට පෞද්ගලික බස් රථ සේවාව සාමාන්‍ය පරිදි සිදුකිරීමට හැකිවනු ඇති බවය. ඊයේ (15) දිනය රාජකාරී දිනයක් වුවත් ජනතාවගේ අඩුවක් […]