“විමර්ශන සඳහා ඉඩ නොදෙන්නට කුරිරු සිතක් ඇත්තේ කාටද ?”

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව සුබවාදී පිළිවෙතක් අනුගමනය කරමින් සිටියදී, ඇතැම් රාජ්‍ය නිලධාරීන් එය අකර්මණ්‍ය කිරීමට උත්සාහ දරමින් සිටින බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් චෝදනා කරයි.  උන්වහන්සේ මේ බව සඳහන් කළේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ සත්වැනි ස්මරණය වෙනුවෙන් අද (21) පැවති වැඩසටහනට එක්වෙමිනි.  පාස්කු ප්‍රහාරය පිටුපස ඔවුන් නියෝජනය කරන දේශපාලනික […]

ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට

රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් ‘චොකා මල්ලි’ නුවරඑළියේ දී බලපත්‍රයක් නොමැති පිස්තෝලයක් සමඟ නුවරඑළිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රේමලාල් ජයසේකර මහතා පවුලේ ඥාතීන් සමග නුවරඑළිය ප්‍රදේශයට පැමිණ ඇති බවත්, අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් නුවරඑළියේ සංචාරයක් සඳහා පැමිණි පිරිසක් සමඟ බහින්බස්වීමක් ඇතිව තිබුණි. එහිදී ප්‍රේමලාල් ජයසේකර මහතා සිය අතැති පිස්තෝලය […]

ජේවීපී එකට සල්ලි දීපු ඊබ්‍රාහිම්ව රකින්නේ ඇයි?

පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳ පරීක්ෂණ දේශපාලනීකරණය කරමින්, තෝරාගත් ක්‍රියාමාර්ග සහ අස්ථානගත දොස් පැවරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා රජයට චෝදනා කරයි. ඔහු මේ බව කියා සිටියේ නෙළුම් මාවතේදී ඊයේ (20) මාධ්‍යවේදීන් විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දීමේදීය. නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරන්නේ, එවැනි තත්ත්වයක් තිබියදී “කොහෙවත් යන පාර්ශව” වෙත පාස්කු ප්‍රහාරය […]

“සාම පාගමනට සහයෝගය දැක්වීම ගෞරවයක්..”

අද (21) සිට මෙරටින් නිල වශයෙන් ආරම්භ වන සාමයේ පා ගමන (Walk for Peace) වැඩසටහන සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය පූර්ණ සහයෝගය පළ කර ඇත. සිය X ගිණුමෙහි සටහනක් තබමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.  “සියලු ජනයා අතර සිහිබුද්ධිය, මෛත්‍රිය, එකමුතුකම සහ සමගිය ප්‍රවර්ධනය කරමින් අද ආරම්භ වන ‘සාමයේ පා ගමන’ සඳහා […]

කොළඹ බෝම්බ තියන්න සැලසුම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

පාතාල කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන්ගේ මඟපෙන්වීම මත කොළඹ නගරය ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට කුමන්ත්‍රණය කළ පුද්ගලයෙකු ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (20) දින ජා-ඇල, කලා වීදිය ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරු කොටු කරගෙන ඇත. මොහු කොළඹ 15 ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු වන 38 හැවිරිදි වියේ පසුවන්නෙකි. මෙරට ජාතික ආරක්ෂාව අනතුරේ හෙළමින් කොළඹ ස්ථාන කිහිපයක […]

අමතක නොවන පාස්කු මතකයට වසර 7යි

ලොවම කම්පා කළ 2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට (21) වසර හතක් ගත වී තිබෙනවා. එම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන් සිහිපත් කිරීම සහ වින්දිතයන්ට ආශිර්වාද කිරීම වෙනුවෙන් දිවයින පුරා පිහිටි සියලුම දේවස්ථාන කේන්ද්‍ර කරගනිමින් අද විශේෂ ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇති බව ජාතික කතෝලික සභාව නිවේදනය කළා. ජාතික කතෝලික ජන සන්නිවේදන […]