හර්ෂණ සූරියප්පෙරුම අද පස්වරුවේ මුදල් කමිටුවට

මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා අද (30) පස්වරු 1ට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේ පෙනී සිටීමට නියමිත බව වාර්තා වෙයි. අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්ගෙන් කරුණු විමසීමට මෙම කැඳවීම සිදුකර තිබේ.
හෙට කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

හෙට (01) දිනට යෙදී තිබෙන ලෝක කම්කරු දිනයට සමගාමීව දිවයිනේ බොහෝ ප්‍රදේශවල මැයි දින පෙළපාලි, රැස්වීම් හා විවිධ උත්සව සංවිධානය කර ඇති අතර, ඒ සඳහා කොළඹ නගරයට පොලීසියෙන් විශේෂ ආරක්ෂාවක් සහ රථවාහන සැලැස්මක් යොදවා තිබේ. අදාළ රැස්වීම් අතුරෙන් ප්‍රධාන රැස්වීම්, පෙළපාලි හා උත්සව කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර මැයි දිනයට සමගාමීව විවිධ […]
සභාපති ලෙස පත්වීම ගැන ඉරාන්ගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනය කිරීමේ කමිටුවේ සභාපතිත්වය භාරගනු ලැබුවේ, ජනාධිපතිවරයා සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් සිදුකළ ආරාධනයක් අනුව බව ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් සහ නායකයින් සමඟ පැවැත්වූ දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව, ඊයේ (29) දින සිට ක්‍රියාත්මක වන පරිදි තමා එම වගකීම භාරගැනීමට තීරණය කළ බවද නිවේදනයක් නිකුත් […]