“අපේ තීන්දු වර්ග දෙකයි, එකක් ජනතාවට, අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කැපීමට…”

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව පවසා සිටියේ, “ජන රජයට ජන බලයක්“ තේමාවෙන් ජාතික ජන බලවේගය නුවරඑළිය නගරයේ සංවිධාන කළ මැයි දින රැළිය අමතමින්. එසේම මීට පෙර ආණ්ඩු ගත්තේ පාලකයන්ගේ වරදාන වරප්‍රසාද වැඩි කර, ජනතාවට පීඩාව […]

භාණ්ඩාගාර නිලධාරියාගේ පශ්චාත් මරණ පරීක්ෂණයට විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් 4ක්

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක සිද්ධියට වැඩ තහනම්ව සිටි, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් 4 දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් පත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරනවා. අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් තුන්වන පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්ව සිටි මුදල් අමාත්‍යංශයේ නිලධාරින් 04 දෙනාගෙන් […]

“කොහේ හරි බල්ලෙක් ආවොත් උගේ බෙට්ට කරේ තියාගෙන දුවනවා..”

පසුගියදා මෙරට පැවැත්වූ ‘සාම පාගමන’ සහ ඒ ආශ්‍රිතව සිදුවූ ඇතැම් සිදුවීම් දැඩි විවේචනයට ලක් කරමින් පූජ්‍ය සිරි සමන්තභද්‍ර හිමියන් අදහස් දක්වා තිබෙනවා. එහිදී උන්වහන්සේ අවධාරණය කළේ වර්තමාන ශ්‍රී ලාංකික සමාජය බුද්ධිමත් දේ වැළඳගනු වෙනුවට මිත්‍යාව සහ පටු ආකල්ප පසුපස හඹා යන බවයි. පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දුන් බල්ලකු රැගෙන යාමේ සිදුවීමක් උදාහරණයට ගනිමින් උන්වහන්සේ […]

මැයි ඉන්ධන මිල සංශෝධනය අද සිදුනොවේ

මැයි මාසයට අදාළ ඉන්ධන මිල සංශෝධනයක් අද (01) දිනයේ සිදු නොවන බව ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඉදිරි දිනකදී මිල සංශෝධනය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කර තිබෙනවා. ඒ අනුව අවසන් වරට ඉන්ධන මිල සංශෝදනය සිදු කරනු ලැබුවේ පසුගිය මාර්තු 21 වන දිනයි. එහිදී රුපියල් 317ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් […]

වැඩ තහනම් වූ භාණ්ඩාගාර නිලධාරියාගේ මරණයේ කරුණු රැසක් එළියට

මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කළ, දැනට වැඩ තහනමට ලක්ව සිටින අබේසිංහ මුදියන්සේලාගේ රංග නිශාන්ත රාජපක්ෂගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. කුලියාපිටිය, පහළ වීරඹුව, මඩකුඹුරුමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ඔහුගේ මළ සිරුර ඊයේ (30) දහවල් සිය නිවස පිටුපස ගෙවත්තේ තිබී සොයා ගනු ලැබුවා. එහිදී, මියයන විට ඔහුගේ […]

“ක්‍රිකට් එක ‘බෝන් අගේන්’ ගොදුරක් වෙලා..”

තමන් වහන්සේට සහ සහරාන්ට රජයෙන් වැටුප් ගෙවූ බවට අතිරේක සොලිසටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයේදී කළ ප්‍රකාශය අසත්‍ය බවත්, එවැනි ප්‍රකාශ සඳහා කිසිදු සාක්ෂියක් නොමැති බවත් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසනවා. මෙවැනි අසත්‍ය ප්‍රකාශ අනෙකුත් නඩු තීන්දු සඳහාද අහිතකර ලෙස බලපාන බවත්, මහමොළකරුවන් සෙවීමට කාලය වැය කරන අතරතුර යටින් වෙනත් අන්තවාදී […]

ජනපතිගේ කම්කරු දින පණිවුඩය

මෙරට වැඩ කරන ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කරමින් ඔවුන්ගේ දුක්, කදුළු, වේදනා වෙනුවට වඩා සුරක්ෂිත ආර්ථිකයක් සහ දරුවන්ට හොඳ අනාගතයක් ගොඩනඟාදීම වත්මන් රජයේ  ඒකායන අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ලෝක කම්කරු දිනය වෙනුවෙන් විශේෂ පනිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර තිබේ.  අලුත් වන නිෂ්පාදන බලවේග හා දියුණු වන පරිසරයට ගැළපෙන පරිදි […]

ලෝක කම්කරු දිනය අද

ජාත්‍යන්තර කම්කරු දිනය අද (01) දිනට යෙදී තිබෙනවා. ලොවපුරා වැඩ කරන ජනතාව මෙවර මැයි දින සැමරුමට එක් වන්නේ 140 වැනි වරටයි. වර්ෂ 1886 මැයි මස පළමුවැනිදා අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්වූ කම්කරුවන් තමන්ට පැය 08ක සේවා මුරයක් ලබාදෙන ලෙස ඉල්ලමින් විරෝධතාවල නිරත වුණා. දින කිහිපයක් පුරා පැවති විරෝධතාවලට පොලීසිය විසින් ප්‍රහාරයක් එල්ලකළ අතර එහිදී කම්කරුවන් විශාල […]