හිටපු ජනපති මහින්දට සහ හිටපු ඇමති පියංකරට නොතීසි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට අල්ලස් කොමිසම විසින් නොතීසි නිකුත් කර තිබෙනවා. ඒ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන 2013 ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළ විමර්ශනවලට අදාළව ලබන 12 වැනිදා එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වමිනුයි මෙම නොතිසිය මඟින් දැනුම්දී ඇත්තේ. 2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් […]
ආණ්ඩුවට හිරුණිකාගෙන් අභියෝගයක්

වත්මන් රජය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගය සතුව අද වන විට කිසිදු ප්‍රබල සටන් පාඨයක් නොමැති බව හිටපු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා. ඇය මේ බව සඳහන් කළේ, පසුගිය මැයි 01 වැනිදා කොළඹ පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගනයේ පැවති සමගි ජන බලවේග මැයි දින රැලිය අමතමින්. ජාතික ජන බලවේගය විසින් පැවැත්වූ නුවරඑළියේ […]
කොල්ලය ගැන අහනකොට චතුරංගට මතක්වෙන ඒවා..

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) යනු ගවේෂණාත්මක හෝ පර්යේෂණ සිදු කිරීමේ අයිතියක් ඇති කමිටුවක් නොවන බවත්, එය රජයේ ආදායම් සහ වියදම් පිළිබඳ සොයා බලන අධීක්ෂණ කමිටුවක් පමණක් බවත් නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සඳහන් කරයි. පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ, රජයේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් […]
“අතුරුදන් වූ ඩොලර්වලට ජනපති පළියිද? ජනපති මහ බැංකුවේ වැඩ කරන්නේ නෑ..”

මහා භාණ්ඩාගාරය තුළ වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදල් අස්ථානගත වීම හුදෙක් තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් ඇති වූ සිද්ධියක් බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි. ඔහු සඳහන් කරන්නේ, එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරමින් ඇති විමර්ශනවලදී මෙය පද්ධතිමය තාක්ෂණික දෝෂයක් ලෙස මුලික වශයෙන් හඳුනාගෙන ඇති බවයි. කෙසේ වෙතත්, සිද්ධිය පිළිබඳව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වන අතර […]
මුදල් ලේකම් ඉල්ලා අස්වෙයි..?

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා සලකා බලමින් සිටින බව වාර්තා වෙයි. මහා භාණ්ඩාගාරය හරහා ණය වාරිකයක් ගෙවීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව සතු ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක රජයේ මුදල් හඳුනා නොගත් පාර්ශ්වයකට බැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ කටයුතු සඳහා රජයේ වගවීම සහතික කිරීම සහ […]
සියලු ඉන්ධන මිල ගණන් නැවතත් ඉහළට

ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 392ක් වේ. සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇත. ඒ අනුව එහි නව […]