කපිල චන්ද්‍රසේන යළි අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් වරෙන්තු

ඇප මත මුදාහැර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (7) නියෝගයක් නිකුත් කළේය. අල්ලස් කොමිසම සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත්කර ඇත. කපිල චන්ද්‍රසේන මහතාගේ ඇප අවලංගු කර නඩු විභාගය […]
අද මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස්වලින් තේ බිව්වත් කෑම ගත්තත් ගාණ වැඩියි

අද (07) මධ්‍යම රාත්‍රීයේ සිට රයිස්, බුරියානි සහ නාසිගුරන් යන ආහාරවල මිල ගණන් රු 25කින් ඉහළ දැමීමට තීරණය කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. මේ අතර, ලාෆ්ස් ගෑස් භාවිතයෙන් ආපනශාලා පවත්වාගෙන යන වෙළෙඳසැල්වල ප්ලේන් ටී සහ කිරි තේ මිල ගණන් ඉහළ නංවා තිබේ. ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා පවසා සිටියේ එවැනි වෙළෙඳසැල් 25 […]
වසර 11කට පසුව විද්‍යාට යුක්තිය

විද්‍යා නමැති පාසල් සිසුවිය පැහැරගෙන ගොස් සමූහ දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වී මරණ දඬුවම නියමව සිටි සුවිස් කුමාර ඇතුළු විත්තිකරුවන් සිවු දෙනකුගේ මරණ දඬුවම පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ (06) තහවුරු කළේය. මෑත ඉතිහාසයේ සිදුවූ ඉතා කෲර සහ අමානුෂිකම සිදුවීම මෙය බව සඳහන් කළ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විත්තිකරුවන් සියලු දෙනාටම එරෙහි චෝදනා […]
“ගෙවල්වලට ගහන්න කිව්වේ ලිපිනයක් නැති අය, බැටකෑවේ අපි”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා විසින් දිලිත් ජයවීර මහතා සම්බන්ධයෙන් පසුගියදා කළ ප්‍රකාශය දෝෂාරෝපණයට ලක් කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා අදහස් පළ කර තිබේ. මන්ත්‍රීවරයා සඳහන් කළේ, මෙවැනි ප්‍රකාශ හේතුවෙන් දේශපාලන පක්ෂ අතර පවතින සමගිය නිරන්තරයෙන් බිඳ වැටෙන බවයි. සාගර කාරියවසම් මහතාගේ දේශපාලන හැසිරීම විවේචනය කරමින් ඔහු පැවසුවේ, පසුගිය […]
විජේගේ මහ ඇමති සිහිනය කල් යයි

TVK පක්ෂයේ නායක සුපිරි කොලිවුඩ් නළු තලපති විජේ අද (07) තමිල්නාඩු මහ ඇමති ධුරයේ දිවුරුම් දීමට සැලසුම් කර තිබුණද එය අද සිදු නොවන බව ඉන්දීය වාර්තා සඳහන් කළා. ඒ, තමිල්නාඩුවේ බලය පිහිටුවීමට අවශ්‍ය ආසන සංඛ්‍යාව විජේගේ පක්ෂයට මෙතෙක් සම්පූර්ණ කර ගැනීමට නොහැකි වීම හේතුවෙන්. විජේ ඇතුළු පක්ෂයේ නියෝජිතයින් ඊයේ තමිල්නාඩු ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් හමුවූ අතර, […]
මාලිමා ලොක්කෙක් හිටිහැටියේම ඉල්ලා අස්වෙයි

කුරුණෑගල මහ නගර සභාවේ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රී බී. ඩබ්. ප්‍රේමචන්ද්‍ර මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඊට අදාළ ලිපිය මන්ත්‍රීවරයා විසින් ඊයේ (06) දිනයේ තමා වෙත භාරදුන් බව කුරුණෑගල නගරාධිපති නීතිඥ ආනන්ද සහබන්දු මහතා සඳහන් කළේය. නගර සභාව තුළ පවතින අවිධිමත් පාලනය, වංචා, දූෂණ සහ නාස්තිය අවම කරගැනීමට අපොහොසත් වීම හේතුවෙන් තමන් […]
වියට්නාම ජනාධිපති අද මෙරටට

දෙදින නිල සංචාරයක් සඳහා වියට්නාම ජනාධිපති ටූ ටෝ ලැම් අද (07) රාත්‍රියේදී මෙරටට පැමිණීමට නියමිතයි. මේ වනවිට ඉන්දියාවේ රාජ්‍ය සංචාරක නිතරව සිටින වියට්නාම ජනාධිපතිවරයා එම සංචාරය අවසන් කර මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයකට අනුවයි. වියට්නාම ජනාධිපතිවරයා හෙට දක්වා මෙරට රැදී සිටින අතර, එම කාල සීමාව තුළ කොළඹ නගරය ආශ්‍රිතව මෙම […]