“කවුරු කොච්චර කාලයක් විරාජමානව හිටියද? ඒවා අපිට වැඩක් නෑ.. නීතියට යටත් විය යුතුමයි”

රාජ්‍ය නිලධාරීන් තුල යම් බියක් ඇති කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා පැවසුවේ නීතියේ රාමුව ඇතුලත රාජකාරි සිදු කිරීමට කිසිදු අවස්ථාවක දී නිලධාරීන් බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බවය. මාතලේ විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (12) පෙරවරුවේ ආරම්භ විය. එහිදි […]
රට කැළඹූ කපිලගේ මරණයේ අබිරහසේ පොට පෑදෙයි

ශ්‍රී ලංකා ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සඳහා මුදල් ලබාගෙන ඇපකරුවන් වශයෙන් පෙනී සිටි පුද්ගලයන් සම්බන්ධීකරණය කළ බව කියන 76 හැවිරිදි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අධිකරණය විසින් කපිල චන්ද්‍රසේන මහතාට රුපියල් ලක්ෂ සියය බැගින් වූ ශරීර ඇප තුනක් නියම කර තිබූ අතර ඉන් ඇප දෙකක් සඳහා […]
හිටපු ජනපති මහින්ද අල්ලස් කොමිසමෙන් පිටව යයි

ප්‍රකාශයක් ලබාදීමට අල්ලස් කොමිසමට පැමිණි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) දින උදෑසන 11.50ට පමණ ඉන් පිටව ගොස් තිබෙනවා. ශ්‍රීලන්කන් ගුවන් සමාගමට 2013 වසරේ ගුවන් යානා මිලදී ගැනීමේ දී ලබාදුන් බව කියන අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන මෙන් අල්ලස් කොමිසම කළ දැනුම්දීමක් මත ඔහු අද උදෑසන 9.30ට පමණ අල්ලස් කොමිසම […]
ත්‍රිකුණාමලයේ බිලිඳු මරණය ගැන GMOA එකෙන් ප්‍රකාශයක්

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ සිදුවූ දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයාමේ සිද්ධියට කිසිදු අවස්ථාවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කළ වෘත්තිය සමීති ක්‍රියාමාර්ගවල සම්බන්ධයක් නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඊයේ (11) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංගමයේ උප සභාපති, විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා පවසා සිටියේ, සූතිකාගාර ප්‍රතිකාර යනු හදිසි ප්‍රතිකාර බැවින් වෘත්තිය සමිති […]
ප්‍රසාද් සිරිවර්ධන කුමාර ජයකොඩිගේ නිකැළැල් චරිතය කෙලෙසලා..

තමන්ට එරෙහිව ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී පදනම් විරහිත චෝදනා එල්ල කරමින් කීර්ති නාමයට හානි කළ බව පවසමින්, හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් ප්‍රසාද් සිරිවර්ධන මහතා වෙත එන්තරවාසියක් යොමු කර තිබෙනවා. නීතිඥ සම්පත් යාලේවත්ත මහතා මඟින් එවන ලද ලිපියකින් මෙම එන්තරවාසිය යොමු කර ඇති අතර, ඒ හරහා රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ඉල්ලා ඇති බව […]
හිටපු ජනපති මහින්ද අල්ලස් කොමිසමට එයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කළ දැනුම්දීමකට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ වනවිට එම කොමිසමට පැමිණ තිබෙනවා. ඒ, ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර් බස් මිලදී ගැනීම පිළිබඳව එම කොමිසම සිදුකරන විමර්ශනයට අදාළවයි. මෙම ගනුදෙනුවේදී ඩොලර් මිලියන දෙකක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බවට පසුගියදා සැක කටයුතු ලෙස මියගිය, එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක […]