QR කේත ක්‍රමයේ ඉන්ධන කෝටාව වැඩි කිරීමට සූදානමක්

වෙන රටවල මෙන් බලශක්ති අර්බුධය ජනතාවට පීඩාවක් නොවෙන ලෙස කළමනාකරණය කරමින්, ජනතාවට බරක් නොවී වියදම රජය දරාගෙන තිරසර කළමනාකරණ ක්‍රියාවලියක් අනුගමනය කළ බවත්, එහෙත් අර්බුධය තාම අවසන් නොමැති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඊයේ (15 ) දින පැවති රාජ්‍ය සේවය ක්‍රමවත්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පත්කළ කමිටුවේ හයවන රැස්වීමේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය […]

අද සිට වාහන ආනයන රේගු බද්දට තවත් 50%ක බද්දක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන බදු මත  50%ක අතිරේක බද්දක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව ආනයනික මෝටර් රථයක් සඳහා මෙතෙක් අය කළ 30%ක රේගු ආනයන බද්ද මත තවත් 50%ක අතිරේක බද්දක් පැනවෙයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති විශේෂ ගැසට් නිවේදනය අනුව අද (16) […]

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු දෙදෙනෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ(15) නියෝග කළේය. 2022 වසරේ ජූලි 07 වනදා අධිකරණ නියෝග කඩකරමින් පවත්වන ලද විරෝධතාවකට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී සැකකාරිය අධිකරණය හමුවේ පෙනී නොසිටීම මත වරෙන්තු නිකුත් කර ඇත. ඇය අසනීප තත්ත්වයෙන් පසුවන බව නීතිඥවරුන් […]

වනවාසලදී දුම්රිය අනතුරක් – මගීන් 12කට තුවාල

අද (16) අලුයම වනවාසල සහ හුණුපිටිය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ දුම්රියක් පීලි පැනීමකට ලක්වී මැදිරියක් පෙරළීයෑමෙන් සිදුවූ අනතුරෙන් සුළු තුවාල ලැබූ මගීන් 12 දෙනෙකු රෝහල්ගත කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේ තුවාලකරුවන් අනතුර සිදුවූ ස්ථානය ආසන්නයේ පුද්ගලික රෝහල්වලට ඇතුළත් කර තිබූ බවත් එක් තුවාලකරුවෙකු කොළඹ ජාතික රෝහලට රැගෙන ආ […]