අර්චුනාට ඉන්දියාවට ඇතුළුවීම තහනම්..?

යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාට ඉන්දියාවට පැමිණීම තහනම් කිරීමට එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව උසස් රාජ්‍යතාන්ත්‍රික අංශවලින් අනාවරණය වේ. මෙම පියවර ගැනීමට බලපා ඇති ප්‍රධානතම සාධකය වී ඇත්තේ ද්විපාර්ශ්වික සබඳතාවලට මෙන්ම ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ස්වාධිපත්‍යයට හානි පමුණුවන අන්දමේ ප්‍රකාශ ඔහු විසින් සිදු කර තිබීමයි. කච්චතිව් දූපත නැවතත් […]

සරණගේ නඩුවල තීන්දු කල්යයි

දූෂණ චෝදනා එල්ලවී සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩු හතරක තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ජුනි මස 09 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.  ඒ, ඊට අදාළ නඩුව අද (26) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා ඉදිරියේ කැඳවු අවස්ථාවේදීය. අල්ලස් කොමිසම විසින් සරණ ගුණවර්ධන මහතාට එරෙහිව […]

“රජවරු පසුම්බිය ගෙනියන්නත් මිනිස්සු පත් කළා, අද හාමුදුරුවෝ වාහනයක ගියත් බනිනවා..”

අතීතයේ රජවරුන් භික්ෂූන් වහන්සේලාගේ පිරිකර පසුම්බිය රැගෙන යාමට පවා වෙනම නිලතල පත් කරමින් උන්වහන්සේලාගේ පහසුව සහ ගෞරවය ආරක්ෂා කළද, අද වන විට භික්ෂුවක් වාහනයක ගියද  දෝෂාරෝපණය කරන තරමට මිනිස්සුන්ගේ මානසිකත්වය සෘණාත්මක දෙසට පත් කර ඇති බව පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් පවසනවා. උන්වහන්සේ පෙන්වාදෙන්නේ, සමස්ත භික්ෂු සමාජයෙන් ඉතාම සුළුතරයක් සිදු කරන වැරදි අල්ලාගෙන සමස්ත සඟ පරපුරටම […]

අරවින්ද සිල්වා සහ පල්ලේගම හිමියන් බේරන්න දේශපාලන මෙහෙයුමක්?

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් අධිකරණ පරීක්ෂණයේදී ඉකුත් මැයි 19 වන දින අතිශය සංවේදී සහ කම්පන සහගත කරුණු රැසක් අනාවරණය වී තිබේ. අධිකරණ ක්‍රියාදාමය සහ පවතින දේශපාලන තත්ත්වය දැඩි විවේචනයට ලක් කරමින් ප්‍රසිද්ධ දේශපාලන විශ්ලේෂක කීර්ති රත්නායක පවසන්නේ, මෙම මරණය පිටුපස පැහැදිලි මිනීමැරුම් කුමන්ත්‍රණයක් […]

සරෝජා පෝල්රාජ්ගෙන් ළමා ආරක්ෂක අධිකාරියට හදිසි උපදෙස්

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශන කටයුතු වඩාත් කාර්යක්ෂම හා වේගවත් කිරීම උදෙසා, පවතින අවශ්‍යතාවන් සැලකිල්ලට ගනිමින් නව කාර්ය මණ්ඩල බඳවා ගැනීමට කඩිනමින් මැදිහත් වන්නැයි කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අදාළ බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. අමාත්‍යවරිය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ලේකම්වරිය සහ අතිරේක ලේකම් (පාලන) යන නිලධාරිනීන් […]

අරගලයට ගැහුවාට දේශබන්දුට මාසයක් ඇතුළත අධිචෝදනා

පසුගිය 2022 වර්ෂයේදී ගාලු මුවදොර “ගෝඨා ගෝ ගම”  අරගල භූමියට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට විරුද්ධව මාසයක කාලසීමාවක් ඇතුළත මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දුන්නා. අදාළ ප්‍රහාරයේ සැකකරුවෙකු ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතාව නම් කරන ලෙස දන්වමින් නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු […]