බැසිල් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න..

ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශයට අයත් රුපියල් මිලියන 7.8 ක මුදලක් සාපරාධී ලෙස අවභාවිත කිරීමේ චෝදනාවකට අදාළව හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් පිරිසක් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (29) නියෝග කළා. නීතිපතිවරයාගේ උපදෙස් පරිදි පොදු දේපළ පනත යටතේ මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් […]
නාමල්ට එරෙහි ක්රිෂ් නඩුව විභාගයට දින දෙයි

ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජූලි මස 07 වැනිදා සිට විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (29) නියෝග කළා. නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන මෙම අධිචෝදනා පත්රයට අදාළව, දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන යනු ලැබූ පූර්ව නඩු විභාග සම්මන්ත්රණ ක්රියාවලිය අද දින නිල වශයෙන් අවසන් කිරීමට අධිකරණය පියවර ගෙන […]
සිතාසියක් ආවොත් විතරක් අධිකරණයට එන්න..

අබිරහස් ලෙස මරණයට පත්වූ ශ්රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්රධාන විධායක කපිල චන්ද්රසේන මහතාගේ මරණයට අදාළ මහෙස්ත්රාත් පරීක්ෂණයේ සාක්ෂිය සඳහා ජනාධිපති රියන්සි අර්සකුලරත්න සහ නීතිඥ උදාර මුහන්දිරම්ගේ යන අය සාක්ෂියට කැඳවනවාද? නැද්ද? යන නියෝගය ජුනි 2 වැනිදා ප්රකාශයට පත්කරන බව කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය අද (29) තීන්දු කළේය. මෙම මරණයට අදාළ මහෙස්ත්රාත් පරීක්ෂණය අද කොළඹ […]
“සැප්තැම්බර් වෙනකන් අපේ තෙල් මිල කිසිසේත් අඩුවෙන්නේ නැහැ…”

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් අනුව ඉදිරියේදී මෙරට ඉන්ධන මිල ගණන් සංශෝධනයේදී මිල අඩුවීමක් බලාපොරොත්තු විය නොහැකි බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පවසයි. පසුගිය මාර්තු සහ අප්රේල් මාසයන්ට සාපේක්ෂව මේ වන විට ඉන්ධන මිල ගණන්වල යම් අඩුවීමක් පෙන්නුම් කරන නමුත් මැදපෙරදිග යුද්ධයට පෙර ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් පැවැති මිලට […]
ප්රවාහන අමාත්යාංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි

ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව රජයේ ආරංචි මාර්ග ප්රකාශ කළා. ඒ ඔහු විසින් එම අමාත්යාංශයේ අතිරේක ලේකම් වශයෙන් පත් කළ ඩබ්ලිව්.එස්. සත්යානන්දගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට පසුගියදා ශ්රේෂ්ඨාධිකරණය තීරණය කිරීමෙන් පසුවයි. පත්වීම ලැබීමෙන් පසු සේවයට වාර්තා කළ දිනයේ තම සේවය අවශ්ය […]