“ඩේසි ආච්චිව නිදහස් කළා නම් මාවත් නිදහස් කරන්න..”

වසර තුනක කාලයකදී විශුද්ධිකරණය කළ මුදලින් රුපියල් කෝටි 08කට අධික මුදලක් යොදවා රත්මලාන හා දෙහිවල ප්‍රදේශවලින් ඉඩම් ඇතුළු දේපළ මිලදී ගත් බවට මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ තමන්ට එරෙහිව ගොනුකර ඇති නඩුවෙන් තමන් මුදාහරින්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණයට ප්රතිශෝධන පෙත්සමක් ඊයේ (03) ගොනු කළේය. […]
සුව සැරිය නවතින කතාව ඇත්තද?

1990 සුව සැරිය හදිසි ගිලන් රථ සේවාව අක්‍රිය වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවතක් සංසරණය වන බවට එම ගිලන් රථ සේවාවේ පාලන අධිකාරිය නිරීක්ෂණය කර තිබෙනවා. ඒ අනුව, නිවේදනයක් නිකුත් කරමින් එහි පාලන අධිකාරිය දැනුම් දෙන්නේ එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය කරුණක් බවයි. මෙය ජනතාව නොමග යන සුළු ප්‍රවෘත්තියක් බව, 1990 හදිසි ගිලන් රථ සේවාවේ සභාපති […]
ඩඩ්ලි සිරිසේන, ජී.එල්. පීරිස්ට මූණටම බැණවදී..

ඉකුත් 02 වැනිදා පැවැති ඉතාලි නිදහස් දින සැමරුම් උත්සවය අතරතුරදී හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන ඩඩ්ලි සිරිසේන මහතා අතර වාදයක් හටගෙන ඇති බව වාර්තා වේ. කොළඹ පිහිටි ඉතාලි තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම නිල උත්සවයට දේශපාලන හා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රභූන් රැසක් එක්ව සිටියහ. එහිදී මෙරට පවතින දැඩි […]
ධාවනය වූ ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටේ.. තිදෙනෙක් එතැනම මරුට..

නාවලපිටිය මාපාකන්ද ප්‍රදේශයේ සිට නාවලපිටිය දක්වා ධාවනය වෙමින් පැවති ත්‍රිරෝද රථයක් මතට ප්‍රධාන මාර්ගය අසල තිබූ විශාල ගසක් කඩාවැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. අද (04) උදෑසන මෙම අනතුර සිදුවී ඇති අතර පාසල් සිසුවෙකු, ඔහුගේ මව සහ තවත් කාන්තාවක් මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිසිය පැවසීය. කෙසේවෙතත් අනතුරින් ත්‍රිරෝද රථ රියදුරා දිවි […]
සෙනෙහසේ කැදැල්ල වැඩිහිටි නිවාසයේ ගින්නෙන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව ඉහළට

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ පිහිටි “සෙනෙහසේ කැදැල්ල” වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ ඊයේ (03) ඇති වූ දරුණු ගින්නෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 12 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. අනතුරෙන් තවත් පුද්ගලයන් 06 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය, හොරණ මහෙස්ත්‍රාත් ලක්මිණි විධානගමගේ මහත්මිය විසින් අද (04) පෙරවරුවේදී එම ස්ථානයට පැමිණ සිදු කරනු ලැබීය. […]