“අරවින්දගේ බිරිඳගේ දුරකථනයෙන් කපිලට කතා කර අධිකරණයට බාර විය යුතු බව මා කීවා”

අධිකරණයට බාර විය යුතුයි, සිද්ධ වෙච්ච දේ ගැන අධිකරණයට කිව යුතු යැයි අරවින්ද ද සිල්වාගේ බිරිඳගේ දුරකථනයෙන් කපිල චන්ද්‍රසේනට කියු බව ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න අද (5) අධිකරණයට සාක්ෂි ලබාදෙමින් පවසා සිටියා. ඒ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේදී. අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතාගේ මරණ සාක්ෂියටඅදාලව වැඩිදුර සාක්ෂි […]

ජුනි මාසයේ ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක් නෑ

ජුනි මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ. ජාත්‍යන්තර වෙළඳපොළ ගෑස් මිල සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද, පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් මෙම අවස්ථාවේ මිල සංශෝධනයක් සිදුනොකිරීමට එම සමාගම තීරණය කර ඇත. මේ අනුව 2026 මැයි මාසයට අදාළව දැනට පවතින මිල ගණන් ජුනි මාසය සඳහා […]

හොරණ බැංකු කොල්ලයට නිලධාරින් දෙන්නෙක් අත්අඩංගුවට

හොරණ ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටි තුනහමාරකට අධික මුදලක් පැහැරගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් එම බැංකුවේම සහකාර කළමනාකාරවරයෙකු සහ ආරක්ෂක නිලධාරියෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 3 වැනිදා පස්වරුවේ මෙම මුදල් මංකොල්ලය සිදුවී තිබුණා. එහිදී බැංකුවේ ATM යන්ත්‍ර තුළ තැන්පත් කිරීම සඳහා රුපියල් කෝටි 3.5ක මුදලක් අඩංගු මලු දෙකක් දෑතින්ම රැගෙන බැංකු සේවකයෙකු එහි පසුපස දොරටුවෙන් […]

ඡන්දේ තියන්න බෑ කියලා ටිල්වින් කිව්වේ බොරුද?

මේ වසරේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය අදහස් දක්වා තිබෙනවා. මාධ්‍ය නාලිකාවක පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඇය අවධාරණය කළේ, මැතිවරණය වෙනුවෙන් වෙන් කළ මුදල් වෙනත් කාරණා සඳහා වෙන් කර නොමැති බවයි. රජයට සිදු වූ […]

අද රාත්‍රී 8.00 දක්වා ජල සැපයුම අත්හිටුවයි

අඹතලේ සිට කොළොන්නාව දක්වා ජලය සපයන ප්‍රධාන සැපයුම් නළ මාර්ගයේ සිදුවු හදිසි බිඳවැටිමක් හේතුවෙන් අද (5) රාත්‍රී 8.00 දක්වා ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදනය මණ්ඩලය පැවසීය. ඒ අනුව මොරගස්මුල්ල, රාජගිරිය, නාවල, ඔබේසේකරපුර හා කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජල සම්පාදනය මණ්ඩලය සඳහන් කළේය.