බස් ගාස්තු ඉහළට

බස් ගාස්තු 12%කින් ඉහළ නැංවීමට තීරණය කර තිබේ. ඒ අනුව අවම ගාස්තුව රුපියල් 30 සිට රුපියල් 34 දක්වා ඉහළ නැංවෙන බව සඳහන් වෙයි. මෙම ගාස්තු ඉහළ නැංවීම මෙම මස 6වනිදා සිට ක්‍රියාත්මක වේ. ඒ අනුව සාමාන්‍ය සේවා කිලෝමීටර් 100ට අඩු ගමනාන්ත සඳහා 12%කින් බස් ගාස්තු ඉහළ නැංවෙන අතර කිලෝමීටර්100 හෝ ඊට වැඩි ගමනාන්ත සඳහා 20%කින් […]

“අවුරුදු 2න් අපිට බනිනවා.. අපිට ලැබුණේ මැජික් පොල්ලක් නෙවෙයි.. බංකොළොත් භාණ්ඩාගාරයක්..”

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා භාරගත්තේ බංකොලොත් භාණ්ඩාගාරයක් මිස මැජික් පොල්ලක් නොවන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා. ඒ, අනුරාධපුර, විජයපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, “අපි ආණ්ඩුව අරගෙන අවුරුදු දෙකක් ඔන්න මෙන්න. ඒ අවුරුදු දෙක ඇතුළේ අපට බනිනවා, බනිනවා. ඉතින් මොකද කරන්නේ නේ. අනුර දිසානායක සහෝදරයා ජනාධිපති වුණාම මැජික් පොල්ලක් දුන්නේ නෑ අතට. අපේ ආණ්ඩුවට […]

සුගීෂ්වර ජුලි 8 තෙක් යළි රිමාන්ඩ්

අද (01) පෙරවරුවේ කොටුව මහේස්ත්‍රාක් අධිකරණයට ඉදිරිපත් කෙරුණු සුගීෂ්වර බණ්ඩාර ජුලි 08 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ජුලි මස 08 වනදා ප්‍රකාශයට පත්කරන බවද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.  එදින තෙක් සැකකරු තවදුරටත් රිමාන්ඩ් භාරයට […]

සලේ උපවාසය අත්හරී

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටියදී උපවාසයක් ආරම්භ කළ, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා නීතිඥ උපදෙස් මත ඔහුගේ උපවාසය නතර කිරීමට තීරණය කර තිබේ.  ඔහු උපවාසය ආරම්භ කිරීමෙන් අනතුරුව මේ වනවිටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වෙනි සංවත්සරය අද

වසර 105ක නොනවතින අරගලය චීන ජනතාවගේ අනාගතය සහ ඉරණම මූලික වශයෙන් වෙනස් කර ඇති බව චීන ජනපති ෂී ජින් පිං මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කර සිටියේ, අද (01) බෙයිජිංහි පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරය සැමරීමේ උත්සවය අමතමිනි. එහිදී ඔහු අවධාරණය කර සිටියේ, වසර 105ක මෙම අඛණ්ඩ අරගලය චීන ජාතියේ මහා පුනර්ජීවනය […]

“යට ඇදුමේ හිල් කිවුව ඇමති අද සුපිරි ගෙවල් දෙකක් හදලා..”

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් මීට වසර එකහමාරකට පෙර තමන් සතු දරිද්‍රතාවය ගැන කියමින් ජනතා අනුකම්පාව දිනා ගැනීමට උත්සාහ කළ ඇතැම් ඇමතිවරුන්, අද වන විට රුපියල් කෝටි ගණනක වත්කම් හිමි කෝටිපතියන් බවට පත්ව ඇති බව ප්‍රකාශ කරයි. ඒ මාධ්‍ය හමුවක් අමතමින්. එහිදී හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ, එදා තමන්ගේ යට ඇඳුම්වල පවා හිල් පවතින බව […]

සුගීෂ්වර අධිකරණයට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා අද (01) පෙරවරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා. බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූවා. පසුගිය 18 වැනිදා නිකුත් කළ අධිකරණ නියෝගයකට අනුව සුගීෂ්වර බණ්ඩාර මහතා මෙලෙස අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා. අදාළ නඩුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි […]

හිටපු ජනපති පුතෙක් වාහන ජාවාරමක..

හිටපු ජනාධිපතිවරයෙකුගේ පුතෙකු විසින් රේගු බදු ව_චා කරමින් රුපියල් කෝටි ගණනක් වටිනා සුඛෝපභෝගී මෝටර් රථ රහසිගතව මෙරටට රැගෙන ආ බවට චෝදනා සම්බන්ධයෙන් අ_රාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම ජා_රම පසුගිය ආණ්ඩු කාලයන් තුළ ක්‍රියාත්මක වී ඇති බව සඳහන් වේ. කන්ටේනර් තුළ සඟවා සංවිධානාත්මක ලෙස රැගෙන ආ වාහන කිහිපයක් පිළිබඳ තොරතුරුද අ_රාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව […]