හිටපු රාජ්‍ය ඇමතිගේ පුත්‍රයා පැය 24ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර

චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකක මුදල් පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු වන අනුද ජනාදිත් සමරකෝන් බණ්ඩාර පැය 24ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (22) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට අවසර ලබා දුන්නා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වූ කොල්ලුපිටිය පොලීසිය සඳහන් කර […]

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. මීට පෙර නිකුත් කළ නොතීසියකට අනුව සැකකාර හිටපු නාවික […]

අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා අද අධිකරණයට

චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකක මුදල් පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා අද (22) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ. ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ ප්‍රකාශයක් ලබාදීම සඳහා කොල්ලුපිටිය පොලිසියට ඊයේ (21) පැමිණි අවස්ථාවේදීයි. පසුගිය 13 වැනිදා කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අදාළ පැහැර ගැනීම සිදුව […]

දෙවුන්දර – දෙවිනුවර දේවාලය පිටුපස නිවසකට වෙඩි ප්‍රහාරයක්

දෙවුන්දර – දෙවිනුවර දේවාලය පිටුපස නිවසකට මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තබා පළාගොස් තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් නිවසට හෝ එහි දේපලවලට හානි සිදුව නොමැති බවයි පොලිසියට කියා සිටියේ. මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබිම සිදු කර ඇති අතර, නිවසේ ඉදිරිපස බිත්තියකට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බවටයි වාර්තා වෙන්නේ. දෙවිනුවර දේවාලයේ […]