ලලිත් – කුගන් අතුරුදන් කිරීම ගැන සාක්ෂි දෙන්න ගෝඨාට උසාවි එන්න නියෝගයක්

2011 වසරේදී දේශපාලන හා මානව හිමිකම් ක්‍රියාකාරීන් වන ලලිත්කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යාපනයේදී අතුරුදන් සිදුවීමට අදාළ නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා එළඹෙන සැප්තැම්බර් 29 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසත්, එතැන් සිට මාර්ගගත (Online) වීඩියෝ තාක්ෂණය ඔස්සේ යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සාක්ෂි ලබාදෙන ලෙසත් හිටපු ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට යාපනය […]

“බන්ධනාගාර සිද්ධිය පිටුපස සංවිධානාත්මක කුමන්ත්‍රණයක්..”

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද(07) දින පාර්ලිමේන්තුවේදී මීගමුව, මහර, මැගසින්, කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාරවල නොසන්සුන්කාරී සිදුවීම් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කළා. ඒ අනුව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ බන්ධනාගාර කිහිපයක මෑතකදී වාර්තා වූ නොසන්සුන්තාව සම්බන්ධීකරණය කරන ලද එකක් බව පෙනෙන බවයි. එසේම එයින් කඩාකප්පල්කාරී ක්‍රියාවක සහ කුමන්ත්‍රණයක් සිදුවිය හැකි බවට ලකුණු ඇති බවත් […]

පැය 24ක් යන්නත් මත්තෙන් බන්ධනාගාර තුනක් නොසන්සුන්…

ගත වූ පැය කිහිපය තුළ බොරැල්ල නව මැගසින්, කුරුවිට සහ මීගමුව පල්ලන්සේන යන බන්ධනාගාර තුනම නොසන්සුන්තාවට පත්වීම මේ වනවිට රටේ දැඩි කතාබහකට ලක්ව තිබේ. ඊයේ (06) රාත්‍රියේ බොරැල්ල නව මැගසින් බන්ධනාගාරයෙන් ඇරඹුණු මෙම සිදුවීම් මාලාව පසුව කුරුවිට බන්ධනාගාරය දක්වාත්, අද දිනයේදී මීගමුව පල්ලන්සේන බන්ධනාගාරය දක්වාත් පැතිර ගියේය. තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ට අමතරව පොලීසිය, […]

“මට දැන් සත පහක ආදායමක් නෑ.. මගේ වාහනයට පෙට්‍රල් ගහන්නෙත්, ගෙවල් කුලී ගෙවන්නෙත් මගේ හිතවතුන්..”

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් තමන්ට මේ වන විට කිසිදු ස්ථාවර ආදායම් මාර්ගයක් නොමැති බවත්, තමන් ජීවත් වන්නේ මිතුරන්ගේ සහ පවුලේ උදවියගේ සහයෝගයෙන් බවත් සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ නාලිකාවක් සමග වූ සාකච්ඡාවකදී සිය වර්තමාන මූල්‍ය තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්. එහිදී ඔහු විසින් තමන් දැනට භාවිතා කරන වාහනය මිතුරෙකු විසින් ලබා […]

රවී සෙනෙවිරත්නගේ නඩුවට අතුරු තහනමක්

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතාට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින රිය අනතුරු නඩුවක් ඉදිරියට පවත්වාගෙන යාම වළක්වාලමින් කොළඹ මහාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. රවි සෙනවිරත්න මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබුණා.

පල්ලන්සේන එළිමහන් සිරකඳවුරේත් නොසන්සුන්තාවක්

මීගමුව, දළුපොත, පල්ලන්සේන එළිමහන් බන්ධනාගාරයේ නොසන්සුන්තාවක් හට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ. මේ වනවිට රැඳවියන් පිරිසක් වහලය මත නැග ඇති බව ද සඳහන්ය.  පසුගිය මාසයේ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් අනතුරුව එහි සිටි රැඳවියන් පිරිසක් පල්ලන්සේන එළිමහන් සිරකඳවුර වෙත මාරු කිරීමට පියවර ගැණින.  මේ අතර ඊයේ (06) රාත්‍රියේ නවමැගසීන් බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී […]