මහානායක හිමිවරුන් ජනපතිට යැවූ ලිපිය සුජීව ප්‍රසිද්ධ කරයි

ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් විසින්, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් උන්වහන්සේලාගේ මතය පිළිබඳ ජනාධිපතිවරයාට යොමුකළ ලිපිය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා විසින් අද (12) ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රසිද්ධ කළේය. ඔහු පෙන්වා දෙන්නේ එම ලිපිය මගින් ත්‍රෛනිකායික මහ නාහිමිවරු මෙම ව්‍යවස්ථා සංශෝධනය සිදු නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවය. “මේ ලිපිය හොයා ගන්නත් බැරුව තිබුණේ. […]

“විනිසුරු විශ්‍රාම වයසට එරෙහිව ලබන සතියේ උසාවි යනවා..”

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජිත පනතට එරෙහිව ලබන සතියේ අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් පවසයි. ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් අද (12) පෙරවරුවේ මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ පිළිබඳව සඳහන් කළේය. එහිදී ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් විසින් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ තීරණය පිළිබඳව බ්‍රිතාන්‍ය මහකොමසාරිස් දැනුවත් […]

ජනපති සමඟ සාකච්ඡාවට පෙර නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජිත 22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි විරෝධය පළ කර තිබෙනවා. අද (12) නිවේදනයක් නිකුත් කරමිනුයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ සම්බන්ධයෙන් සඳහන් කර ඇත්තේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ, 2026 අගෝස්තු 7 වැනිදා රජය විසින් ගැසට් පත්‍රයේ පළ කරන ලද අදාළ පනත් කෙටුම්පත මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ […]