රෝද පුටුවෙන් ආ කෙහෙළිය යළිත් අත්අඩංගුවට

හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විමර්ශනයකට අදාළව ප්රකාශයක් ලබාදීමට අද (18) පෙරවරුවේ එම කොමිසම හමුවට පැමිණීමෙන් අනතුරුව හිටපු අමාත්යවරයාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. රූපවාහිනි සංස්ථාවට අනුබද්ධ කාර්ය මණ්ඩලය ඉක්මවා සේවකයන් 6 දෙනෙකු බඳවා ගැනීමෙන් රජයට පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතාට චෝදනා […]
“ඔයාලා විශ්රාම යන්නෙත් අපේ ආණ්ඩුවක් යටතේ..”

ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) සඳහා අලුතින් බඳවා ගන්නා ලද වේලාසටහන්කරුවන් 18 දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්, ප්රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන නියෝජ්ය අමාත්ය වෛද්ය ප්රසන්න ගුණසේන විසින් පැවසුවේ මෙම වේලාසටහන්කරුවන් විශ්රාම යන්නෙත් මාලිමා රජය යටතේම බවයි. ශ්රී ලංකා ප්රවාහන ඉතිහාසයේ ප්රථම වතාවට කාන්තාවන් දෙදෙනෙකු මෙම වේලාසටහන්කරු තනතුර සඳහා තේරී පත්වීම මෙහි ඇති […]
22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට

22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ සහ සහ ජාතික ඒකාබද්ධතා අමාත්ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අමාත්යවරයා 22වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්රීවරුන් ආසනවලින් නැගිට පුවරු අතැතිව විරෝධතාව පල කරනු ලැබීය.
රාජිත සේනාරත්නගේ සහෝදරයා අත්අඩංගුවට

ධීවර සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වන මහීල් සේනාරත්න මහතා අල්ලස් කොමිසම විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබේ. දිවයින පුරා මත්ස්ය අලෙවි මධ්යස්ථාන පිහිටුවීම සහ නඩත්තු කිරීම සඳහා නිසි ප්රසම්පාදන ක්රියාවලීන් අනුගමනය නොකිරීමේ චෝදනාවකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. හිටපු අමාත්ය රාජිත සේනාරත්න මහතාගේ සහෝදරයෙකු වන මහීල් සේනාරත්න 2010 – 2012 කාල වකවානුවේ ධීවර සංස්ථාවේ සභාපතිවරයා […]
ඩොලර් බිලියන ගණන් රට පැන්නූ බැංකු හතර හා මැනේජර්ලා..

භාණ්ඩ ආනයනය කිරීමේ මුවාවෙන් අමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න විදේශ විනිමය ප්රමාණයක් නීතිවිරෝධී ලෙස මෙරටින් පිටකිරීමේ මහා පරිමාණ ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා ලැබූ දිවයිනේ ප්රමුඛ පෙළේ පෞද්ගලික වාණිජ බැංකු හතරක කළමනාකරුවන් සිව්දෙනෙකු ලබන අගෝස්තු 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් ලියාන් වරුසවිතාන මහතා නියෝග කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය […]
රෝද පුටුවෙන් අල්ලස් කොමිසමට එන කෙහෙළිය

සිදුවෙමින් පවතින විමර්ශනයකට අදාළව ප්රකාශයක් ලබාදීම සඳහා හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මීට සුළු වේලාවකට පෙර අල්ලස් කොමිසම හමුවට පැමිණ ඇත. එමෙන්ම ප්රමිතියෙන් තොර එන්නත් සෞඛ්ය අමාත්යාංශයට මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්ය අමාත්යය කෙහෙළිය රඹුක්කැල්ල ඇතුළු විත්තිකරුවන් දොළොස් දෙනෙකුට එරෙහි පවරා ඇති නඩු පවරා ඇත.