22වන සංශෝධනයට “බලපෑමේ වගන්තිය” ඇතුළත් නොවීම ගැන බිමල්ගෙන් පිළිතුරු

යෝජිත 22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා “බලපෑමේ ප්‍රකාශනය” ඇතුලත් නොකිරීම සම්බන්ධව ඊයේ(18) පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයට අද(19) සභානායක බිමල් රත්නායක මහතා විසින් පිළිතුරු ලබා දුන්නා. එහිදී ඔහු සඳහන් කලේ, සාමාන්‍යයෙන් ඕනෑම පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමේදී නීතියේ බලපෑමේ ප්‍රකාශය කොටස අදාළ පනත් කෙටුම්පතෙහි මුල් පිටුවේම සඳහන් කර ඇති බවයි. […]

එල්නිනෝ හමුවේ සෞඛ්‍යයට දැඩි අවදානමක්

පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය හමුවේ හිරු රශ්මියට නිරාවරණය වීම තුළින් බොහෝ රෝග වැලඳිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ, පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය අංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය පැවසීය. අද (19) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති එල්නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඇය මේ බව කියා සිටියේය. මෙම අධික උෂ්ණත්වය සහිත කාලගුණ […]

“කංජිපානි ගැන යන ආරංචිය බොරුවක්..”

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගෙන ඇති බවට ප්‍රචාරය වන කටකතාව සත්‍ය නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. ඔහු සදහන් කරන්නේ විදෙස් රටවල සැඟවී සිටින අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන නමුත් කංජිපානි ඉම්රාන් තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බවයි. රූපවාහිනී නාලිකාවක ඊයේ (18) පැවති සංවාදයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් […]

නීතියට කොකා පෙන්නපු බැසිල් රාජපක්ෂට වැඩ වරදී..

මාතර බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ අක්කර එක හමාරක පොල් ඉඩමක් රුපියල් කෝටි හයකට මිලදී ගැනීම සම්බන්ධයෙන් වූ නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඇප මුදල් රාජසන්තක කිරීමටත් ඔහුගේ ඇපකරුවන්ගෙන් ඇප මුදල් අය කර ගැනීමටත් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා ඊයේ (18) නියම කළේය. තවද ඇපකරුවන් තිදෙනා ඇප මුදල් නොගෙවන්නේ නම් […]

අධිවේගයට ආසන පටි අධිවේගයෙන්ම එයි..

සැප්තැම්බර් 19 වන දින සිට අධිවේගයට ඇතුළු කරන සියලු වාහන සඳහා ආසනපටි පැලඳීම අනිවාර්ය බව පොලීසිය පවසයි. අධිවේගයේ රියදුරන්ට සහ මගීන්ට ආසනපටි පැලඳීම ගැන විශේෂ දැනුම්වත් කිරීමක් මාධ්‍ය හමුවකට එක්වෙමින් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා පවසා සිටියේ, සියලු මගීන් ආසනපටි පැලඳීම අනිවාර්ය වන අතර එම නීතිය තදින්ම […]