නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අසංග එස් බෝදරගම මහතා අද (04) නියෝග කළේය. අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර සහ සැකකරුගේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව […]

නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට‍

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහතා අද (04) පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණි අතර එහිදී පැය කිහිපයක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඒ මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් […]

දූෂණ විරෝධී පනත් කෙටුම්පත එරෙහි පෙත්සම් විභාගය අවසන්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් කරමින්, එහි ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය කථානායකවරයාට සහ ජනාධිපතිවරයා වෙත යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (සැප්තැම්බර් 4) නිවේදනය කර තිබේ. මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 15 ක් ගොනු කර තිබූ අතර, ඒවා දින දෙකක් ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන […]

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට

ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද (04) අත්අඩංගුවට ගෙන තිබේ. මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහලට පුටු සැපයීමේ සිදුවීමක් සිදුවීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ඇමතිවරයාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණි. මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහලට පුටු සැපයීමේදී නියමිත ප්‍රසම්පාදන […]