චීවර ප්‍රශ්නය ගැන ජනාධිපති කාර්යාලයෙන් නිවේදනයක්

සිරගත වන භික්ෂූන් වහන්සේලා බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන ඒමේදී අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ නිර්දේශය මත චීවරය සහිතව රැගෙන ඒමට හැකි වන පරිදි බන්ධනාගාර රෙගුලාසි ඉදිරි සති දෙක තුළ සංශෝධනය කර සම්මත කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබෙනවා. පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිදුවීම පාදක කරගනිමින් සිරගත වන භික්ෂූන් වහන්සේලා බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන […]
ශිරන්ති රාජපක්ෂ ජාතික රෝහලට ඇතුලත් කෙරේ

වැලිකඩ බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ජාතික රෝහලේ හෘද රෝග ඒකකය වෙත ඇතුළත් කර ඇති බවට වාර්තා වී තිබෙනවා. ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් රුපියල් මිලියන 10ක් සිරිලිය සවිය සංවිධානයේ බැංකු ගිණුමට බැර කිරීම තුළින් දූෂණය නමැති වරද සිදු කිරීම සහ ඊට ආධාර අනුබලදීම, සාපරාධී සාවද්‍ය පරිහරණය යන චෝදනා […]
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබේ. අද (12) උදෑසන මහින්ද රාජපක්ෂ මහතාව මෙලෙස පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර ඇති අතර ඒ මහතාව ටික වේලාවක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර සඳහා යොමුකළ බව වාර්තා වේ. කෙසේවෙතත් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සිදුකර තිබේ. […]