“88,89 සෙල්ලම් දාන්න දැන් ලෑස්ති වෙන්න එපා මහත්තයෝ..”

ආණ්ඩුවේ මර්දන ක්‍රියාමාර්ග හරහා තම දේශපාලන බලවේගය නවතා දැමිය නොහැකි බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අවධාරණය කර තිබෙනවා.

ඔහු මෙම අදහස් පළ කළේ අද (17) තඹුත්තේගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමින්ය.

එහිදී අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ, ආණ්ඩුව භාවිත කරන මර්දන ක්‍රම, සිරගෙවල් පෙන්වීම හෝ වෙනත් බලපෑම් මඟින් තම දේශපාලන ගමන නතර කළ නොහැකි බවයි.

“ආණ්ඩුවේ මර්දනයෙන් අපිව නවත්තන්න බැහැ. සිරගෙවල් පෙන්නලාත් අපිව නවත්තන්න බැහැ. කොඩි කණුවක් ගලවලාත් අපිව නවත්තන්න බැහැ”

යනුවෙන් ඔහු දැඩි ලෙස ප්‍රකාශ කළා. ඒ අනුව, අතීතයේ 88–89 යුගයේ සිදුවූ ආකාරයේ මර්දන ක්‍රියාමාර්ග නැවත ක්‍රියාත්මක කිරීමට උත්සාහ නොකරන ලෙසද, තම දේශපාලන බලවේගය ජනතාව සමඟ එකට සිට ඉදිරියට ගමන් කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *