බේරුවල සමූපකාර සමිතියේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් කිරීම මුල් කරගනිමින් ජාතික ජන බලවේගය නියෝජනය කරන ප්‍රියාල් නිලන්තගේ කලහකාරී හැසිරීම සම්බන්ධයෙන් බේරුවල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
බස්නාහිර පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයා විසින් ඔහුගේ ධුරය අහෝසි කරන බව දැනුම් දී තිබුණේ එම පුද්ගලයාගේ බිරිඳ එම සමුපකාර සමිතියේම ගණකාධිකාරිණියක් වශයෙන් සේවය කිරීම හේතුවෙන්.
බේරුවල විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්යක්ෂ මණ්ඩලය පසුගිය මාර්තු මාසයේදී තෝරා ගැනුණු අතර එහිදී පොදු විපක්ෂයෙන් සාමාජිකයින් හතර දෙනෙකු සහ ජාතික ජන බලවේගයෙන් සාමාජිකයින් තුන්දෙනෙකු ඊට තේරී පත්වුණා.
කෙසේවෙතත් බස්නාහිර පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස් එම්.ඒ.පී ජයකොඩි පසුගිය මස 10 වැනිදා ලිපියක් යොමුකරමින් දන්වා ඇත්තේ ජාතික ජන බලවේගයෙන් එම අධ්යක්ෂ මණ්ඩලයට තේරී පත්වූ සාමාජිකයෙකු අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති බැවින් එම ධුරය අහෝසි වන බවයි.
ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් බේරුවල සමූපකාර සමිතියේ කළමනාකාරිණි තනූජා ගංගා පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා දෙපාර්ශ්වයම අද බේරුවල පොලිසියට කැඳවා තිබෙනවා.



