“අනුරගේ ප්‍රකාශය වහාම ඉවත් කරගන්න..”

පොහොය දිනවලට අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ පසුකරගෙන යාපනයට පැමිණීමේදී එහි ඇත්තේ සීලය නොව වෛරය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනයේදී සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අදහස් පල කර තිබුණා.

ඔහු එහිදී සඳහන් කළේ, එම ප්‍රකාශයේ සඳහන් වන පරිදි ශ්‍රී මහා බෝධීන් වහන්සේ පසුකර ගෙන යන්නේ වෛරයෙන් නොව සෙනෙහසින් බවයි.

ඒ හේතුවෙන්, එම ප්‍රකාශය ජනාධිපතිවරයා විසින් වහාම ඉවත් කරගත යුතු බවද ඔහු අවධාරණය කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දකවමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේ,

“දැන් මේ ව්‍යවසනය වුණාම ලංකාවේ පන්සල් නොවෙන්නට මිනිස්සු ආහාර නැතුව මියැදෙනවා. මිනිසුන්ට යන්න එන්න තැනක් නැතුව හෙවනක් නැතුව සීතලේ මිය යනවා. බොහෝ මධ්‍යස්ථාන තිබුණේ අපේ හාමුදුරුවනේ පන්සල්වල. උන්වහන්සේලා සිවුරක් ඇඳගෙන මේ කියන විදියට නිකන් බත් බුදින මිනිස්සු කොට්ඨාසයක් කියලා මේ රටේ කවුරුත් මෙහෙම කලින් කිව්වද? මේ තරම් සාහසික ප්‍රකාශ අපේ ස්වාමීන් වහන්සේලාට මෙසේ ඉදිරිපත් වෙනකොට අපි කිසිදු වෛරයකින් තොරව අපේ හාමුදුරුවනේ, සෙනෙහසින් තේරුම් කරලා දෙන්නට ඕන මේ රටේ නායකත්වයත්, ඒ නායකත්වය පස්සේ තියෙන යම්කිසි වූ දේශපාලන ව්‍යාපාරයක් තියෙනවා නම් ඒකත් වහා තේරුම් ගත යුතු කාරණය තමයි පන්සල නැතුව අපේ හාමුදුරුවෝ නැතුව මොනයම් හෝ දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකට මේ ශ්‍රී ලාංකික සභ්‍යත්වය තුළ ඉඩක් නෑ. අපිට තියෙන්නේ කෘතීම ගෞරවයක් නෙමෙයි අපේ සංඝයා වහන්සේලාට. අපේ හාමුදුරුවනේ මම කුඩා කාලේ ඉඳලා පන්සල ආශ්‍රිතව වැඩිච්ච කෙනෙක්. මම දහම් පාසලට ගිහිල්ලා ධර්මාචාර්ය දක්වා ඉගෙන ගත්ත කෙනෙක්. ස්වාමීන් වහන්සේලා ළඟින් ආශ්‍රය කරපු කෙනෙක්. ස්වාමීන් වහන්සේලා ගැන මම දැක්කා එක්තරා දේශපාලනඥයෙක් විවේචනය කරනවා. ඒ විවේචනයේ කියන්නේ ස්වාමීන් වහන්සේලාට ඒ පනවපු විනය නීති නිසා තමන්ගේ සිතුම් පැතුම් අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න බැරුව මේ සමාජයත් එක්ක වෛරයක් තියෙන පුද්ගලයෝ හැටියට. ඔවුන් මොනවද දන්නේ හාමුදුරුවනේ? අපි අනුකම්පා කරන්නට ඕනා අපේ හාමුදුරුවනේ. අනුකම්පාව තුළ පමණයි අපේ බෞද්ධ දර්ශනයේ අවකාශය තියෙන්නේ. ඔවුන්ට අනුකම්පා කරන්නට ඕනේ. කිසිම විදිහකට අපි ඔවුන්ට වෛර කරන්නට නරකයි. නමුත් අපේ ජනතාව නාගදීපයට ගියේ රුවන්වැලි සෑය පසු කරගෙන ශ්‍රීමහා බෝධිය පසු කරගෙන වෛරයෙන් නෙමෙයි සෙනෙහසින් උතුරට ගෙනිච්චේ වෛරය නෙමෙයි සෙනෙහස. මම ආරාධනා කර සිටිනවා කියන සියලු දෙනාට යාල්දේවී කෝච්චියට නගින්න.යාල්දේවී කෝච්චියේ යනකොට අපේ මිනිස්සුන් කොහොමද ඒ යාපනය මිනිස්සුත් එක්ක සුහදව කෑම බෙදා ගන්නේ? විශේෂයෙන්ම වන්දනාවේ යන අය, නාගදීපය යන අය කොච්චර සෙනෙහසක් තියෙනවද?

ඉතින් මේ සාහසික ප්‍රකාශය ඔහු වහා ඉවත් කර ගත යුතුයි. මෙය වෛරී ප්‍රකාශයක්, ජාතිවාදී ප්‍රකාශයක්, මෙය ජාතීන් බෙදන ප්‍රකාශයක්…”

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *