අස්වැසුමට මොකක් වෙයිද? පාර්ලිමේන්තු විවාදය අද

සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය පිළිබඳ විවාදය අද (20) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කරන්නේ අද පෙරවරු 11.30 සිට පස්වරු 5 දක්වා එම විවාදය පැවැත්වෙන බවයි.

ඒ අනුව මෙම සතිය සඳහා අද පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.

තවද හෙට දිනයේ දී මෙරටට බල පෑ දිට්වා සුළි කුණාටුවට මුහුණදීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදුකර වාර්තා කිරීමටත් ඒ පිළිබද සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන විශේෂ කාරක සභාව පත්කිරීමේ යෝජනා සම්මතය අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට නියමිතය.

 ඒ වගේම බ්‍රහස්පතින්දා දිනයේ දී ආණ්ඩු පක්ෂය විසින් ගෙනඑනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.

 එළඹෙන සිකුරාදා දිනයේ විශ්වවිද්‍යාල සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව ඇත.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *