ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ වෙනසක්

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) 94 වැනි වාර්ෂික මහ සභා රැස්වීමේදී පිරිමි ජාතික තේරීම් කමිටුව නැවත ව්‍යුහගත කර ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සභාපති ලෙස අජිත් අගාර්කර් (Ajit Agarkar) තවදුරටත් කටයුතු කරනු ඇති අතර, ශිව් සුන්දර් දාස් (Shiv Sundar Das) සහ අජේ රත්‍රා (Ajay Ratra) යන අය කමිටුවේ සාමාජිකයන් ලෙස ඔවුන්ගේ ධුරයන්හි දිගටම කටයුතු කරනු ඇති.

කෙසේ වෙතත්, මෙම කමිටුවට අලුත් මුහුණු දෙකක් එක් කර තිබීම මෙහිදී කැපී පෙනෙන විශේෂත්වයක් වනවා.
හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් වන ආර්. පී. සිං (R. P. Singh) සහ ප්‍රග්‍යාන් ඕජා (Pragyan Ojha) යන අය කමිටුවේ නව සාමාජිකයන් ලෙස අලුතින් පත් කර තිබෙනවා.

ඔවුන් දෙදෙනා මෙතෙක් කමිටුවේ කටයුතු කළ එස්. ශරත් (S. Sharath) සහ සුබ්‍රතෝ බැනර්ජි (Subroto Banerjee) වෙනුවටයි ආදේශ කර ඇත්තේ.

මේ අනුව, තේරීම් කමිටුවේ අඛණ්ඩ පැවැත්ම සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට BCCI කටයුතු කර ඇති බව පැහැදිලියි.

අගාර්කර්ගේ නැවත පත් කිරීමට, පසුගිය වසරේ T20 ලෝක කුසලානය සහ චැම්පියන්ස් කුසලානය වැනි ජයග්‍රහණවලදී ඔහු දැක්වූ දායකත්වය හේතු වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *