ගමක් පිටින්ම නායයයි.. මල සිරුරු හොයන්නවත් බෑ..

මහනුවර මාතලේ පාරේ අලවතුගොඩ පොලිස් වසමේ අංකුබර රම්බුක්ඇළ ගම්මානය අද අලුයම නායයාමකට ලක්ව ඇත.

එම පවුල් පනහකට වැඩිය අතුරුදහන් බවත් සදහන් කර මේ වන තෙක් සහන කණ්ඩායම් එම ස්ථානයට ලගා නී ඇති බවක් වාර්තා නොවේ. 

මේ අතර කොත්මලේ රම්බඩගම ආසන්නයේ නායයෑමක් සිදුව ඇති අතර එම ස්ථානයේ මියගිය පුද්ගලයින්ගේ සිරුරු ඉවත් කිරීමට හෝ තුවාලකරුවන් රෝහල්ගත කිරීමට නොහැකිව ප්‍රදේශවාසීන් දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයිද වාර්තා වෙයි.

ප්‍රදේශයට විදුලිය නොමැති අතරල දුරකථන සංඥා සියල්ල ක්‍රියා විරහිත වී ඇත.

එමෙන්ම හල්දුම්මුල්ල පූනාගල හදිසියේ මතුවූ නායයාමේ අවදානමක් හේතුවෙන් එහි පදිංචි පවුල් දාහතරක් අද අලුයම ඉවත් කර තිබේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *