අයථා ලෙස උපයාගත්තේ යැයි කියන රුපියල් මිලියන 15ක මුදලක් එන් ආර් කන්සල්ටන්සි සමාගමේ ආයෝජනය කිරීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කළේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව ඔක්තෝබර් 29 වැනිදා යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (30) නියෝග කළා.
සිද්ධියට අදාළව පෞද්ගලික බැංකු දෙකක ගිණුම් පරීක්ෂා කර විස්තර ලබා ගැනීමට තිබෙන බැවින් ඉදිරි දිනයක් ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුර මහේස්ත්‍රාත්වරයා විසින් එලෙස නියෝග කර තිබෙනවා.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී සිද්ධියට අදාළ සැකකරුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, නිත්‍යා සේනානි සමරනායක, සුජානි බෝගොල්ලාගම, සුදර්ශන බණ්ඩාර ගනේගොඩ යන අය අධිකරණය හමුවේ පෙනී සිටියා.
මෙම සිද්ධියට අදාළව විමර්ශන සම්බන්ධයෙන් උදෘත නීතිපතිවරයාට යොමු කර ඇතත්, මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නොමැති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පෙර නඩු දිනයේදී අධිකරණයට දන්වා තිබුණා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ නඩුව ඔක්තෝබර් 29 වැනිදා කැඳවිමටත් එදිනට විමර්ශන කටයුතුවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් නියෝග කළා.
මිලියන 15 මුදලක් සාපරාදී සාවද්‍ය පරණ හරණය කර මුදල් විශුද්ධිකරණය කළ බව සඳහන් කරමින් 2015/7/28 දූෂණ විරෝධි හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මෙහි විමර්ශන ආරම්භ කර තිබුණා.



