නාරාහේන්පිට මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

නාරාහේන්පිට දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක පස්වන මහළෙහි ගින්නක් හටගෙන තිබේ.

ගිනි නිවීමේ රථ 04ක් ගින්න පාලනය සදහා මේ වන විට යොදවා ඇතැයි වාර්තා වේ.

ගින්න හටගෙන ඇත්තේ එම නිවාස සංකීර්ණයේ පස්වන මහලේ පිහිටි නිවසක බවට මූලික තොරතුරු අනාවරණය වී තිබේ.

ගින්නට හේතුව හෝ ඉන් සිදු වූ අලාභය පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *