ශ්‍රී ලංකා නීතීඥ සංගමය සහ ජනාධිපතිවරයා සමඟ පසුගිය 12 වනදා පැවති සාකච්ඡාවේ සම්පුර්ණ වීඩියෝ පටිගත කිරීම ලබාදෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ඊයේ(14) ලිපියක් යොමු කර තිබෙනවා.
අදාළ ලිපිය නීතීඥ සංගමයේ පරිපාලන ලේකම් සුරානි අමරසේකර මහත්මියගේ අත්සනින් යුතුව ජනාධිපති කාර්යයාලය වෙත යොමුකර තිබෙනවා.
නීතීඥ සංගමය සහ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවේ ආරම්භක අවස්ථාවේ කොටසක් පමණක් මේ වන විට තමන්වෙත ලැබී ඇති බවද එහි ඇතැම් කොටස්වල ශබ්ධය අපැහැදිලි මට්ටමක ඇති බවද එම ලිපියේ සඳහන්.
ඒ අනුව අදාළ සාකච්ඡාව පුරා සිදුවූ සියලු මැදිහත්වීම්,නිරීක්ෂණ සහ ප්‍රතිචාර මෙන්ම නීතීඥ සංගමයේ නියෝජිතයන්ගේ අවසාන අදහස්ද ඇතුළත් සංස්කරණය නොකළ සම්පූර්ණ වීඩියෝ පටිගත කිරීම ලබාදෙන ලෙස එම සංගමය ලිපිය මගින් ඉල්ලා තිබෙනවා.
එසේම හැකි උපරිම ගුණාත්මකභායකින් යුතු ශ්‍රව්‍ය හා දෘශ්‍ය තත්වයේ වීඩියෝවක් ලබාදෙන ලෙසද ලිපිය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.



