පොහොට්ටුවේ ‘ජනසටන’ අනුරාධපුර රැළිය මහින්ද එක්ක..

වත්මන් ආණ්ඩුවේ දේශපාලන දඩයම් සහ ගොවින් ඇතුළු සමස්ත ජනතාවට ලබා දී ඇති පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වීමට එරෙහිව ,එම පොරොන්දු ඉටු කරවා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන “ජනසටන” ජන රැළිය අද (12) අනුරාධපුර නගරයේදී පැවැත්වේ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැළිය පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක ප්‍රකාශ කළේය.

පසුගිය කාලය පුරාවට ජනතාවට දුන් පොරොන්දු කඩ කිරීමේ රජයේ ක්‍රියාමාටම් දැඩි ලෙස හෙළා දැකීම සහ ජනතාවගේ ගැටලු සඳහා විසඳුම් ලබා දීමට බලපෑම් කිරීම මෙම විරෝධතා රැළියේ මූලික අරමුණ වී තිබේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *