පොලිසි තුළ පොදුවේ ශ්වසන පරීක්ෂණ නළ (බැලූන්) හිඟයක් පවතින බව ත් පෙරේදා දින බැලූන් තොගයක් ගෙන්වූ බව ත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
ඒවා තත්ත්ව පරීක්ෂණයට ලක් කරන තෙක් පිට කිරීමට නොහැකි බව ද අමාත්‍යවරයා සඳහන් කරනවා.
හිටපු කතානායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක රන්වලගේ රිය අනතුර සහ ඔහු පරීක්ෂාවට ලක් කිරීම ප්‍රමාද ඇයිද යන්න පිළිබඳව කළ විමසීමකදී අමාත්‍යවරයා මේ බව කියා තිබේ.
ඒ අනුව, අමාත්‍යවරයා පැවසුවේ, පුද්ගලයෙකු රිය අනතුරකට ලක් වූ පසු ඔහු මුලින් ම ඇතුළු කරන ස්ථානයෙන් අවශ්‍ය පරීක්ෂණ සිදුකරන බව ත් ඒ අනුව එම පුද්ගලයා මුලින්ම රෝහලට ඇතුළත් කළේ නම් ඇල්කොහොල් ශරීරගත වී ඇත්දැයි පරීක්ෂණය සිදු කරන්නේ රෝහලෙන් බව ත් ය.
එමෙන් ම, අදාළ පුද්ගලයා පොලිසියට රැගෙන ගියේ නම් එම පරීක්ෂණය සිදු කරන්නේ පොලිසියෙන් බව ද මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරට ත් පෙන්වා දුන්නේ ය.



