“මේ වගේ සුළි කුණාටුවක් ගැන අපිට කවුරුවත් දැනුම් දුන්නේ නෑ”

සුළි කුණාටුවක් එනවා යැයි ආණ්ඩුවට කිසිදු පෙර දැනුම් දීමක් නොලැබුණු බව කම්කරු අමාත්‍ය සහ මුදල් ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

“ආපදාවට ආණ්ඩුව ක්‍රියාත්මක වුණේ නැතැයි කීම වැරදි චෝදනාවක්. වැසි කාලයකදී කාලගුණ වැඩසටහනකදී එවැනි වාර්තා කිරීම් හැමදාම සිදුවෙනවා.අදාල ආයතන විසින් ඒවාට ගත යුතු ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා.

මෙවැනි සුළි කුණාටුවක් එනවාය කියන කාරණය අදාල ආයතන වලට හෝ ආණ්ඩුවට දැනුම් දීමක් කර නැහැ.සුළි කුණාටුව ලංකාව හරහා යාම වළක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි.නමුත් මේ සිදුවීම වූ සැණින් වහාම මැදිහත් වී ආපදාවට ලක් වූ සියලු පවුල් ඉවත් කර ඒ කටයුතු සිද්ධ කළා.

අනවසර ඉදිකිරීම් ආදිය නිසාත් අනතුරට ලක් වූ ප්‍රමාණයක් සිටිනවා.නමුත් අප වෙිගයෙන් මැදිහත් වී ඔවුන්ට අවශ්‍ය ආහාර ,රැකබලා ගැනීම්, බේරා ගැනීම් ආදී කටයුතු සිද්ධ කළා.නමුත් ආණ්ඩුව මොකුත් කරන්නේ නැතැයි සමාජ මතයක් හැදුවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *